‘තලපති විජේ’ කියන නළුවට ප්‍රේම කරන රසික සමූහයට සුබ ආරංචියක් වගේම සෑහෙන දුක හිතෙන ආරංචියක් මේ දවස්වල අහන්න ලැබෙනවා.
සුබ ආරංචිය තමයි, විජේගේ නවතම සිනමා නිර්මාණය නුදුරේදීම තිරගත වීම.
එහි දුක හිතෙන කාරණය වෙන්නෙ, එහෙම තිරගත වෙන්නෙ තලපති විජේ රඟන අවසාන සිනමා නිර්මාණය වීම.
චිත්‍රපටය, ‘ජන නායගන්’ (Jana Nayagan)
ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේදී ‘Thalapathy 69’ මැයෙන් නිවේදනය කළේ, මෙන්න මේ චිත්‍රපටය ගැන.
ඒත් එක්කම ඔහු සිනමාවෙන් සමුගෙන පූර්ණ කාලීනව දේශපාලනයට පිවිසෙනු ඇති බවත් කල්තියාම දන්වා සිටියා.
‘ජන නායගන්’ එච්. විනෝත්ගේ අධ්‍යක්ෂණයක්. KVN Productions නිෂ්පාදනයක්. සංගීත අධ්‍යක්ෂණය අනිරුද් රවිචන්දර් විසින්. කැමරාකරණය සත්‍යන් සූර්යන් විසින් වන අතර සංස්කරණය ප්‍රදීප් ඊ. රාගව් විසිනි.
තලපති විජේට අමතරව පූජා හෙග්ඩේ, බොබී ඩියොල්, ගෞතම් වාසුදේව් මෙනන්, ප්‍රකාශ් රාජ්, නාරේන්, ප්‍රියමනි, ශෘති හසන්, මමිතා බයිජු, මොනිෂා බ්ලෙසි සහ වරලක්ෂ්මි සරත්කුමාර් මෙහි තිරය හැඩකරනු ඇති.
පළවන වාර්තාවන්ට අනුව ජන නායගන් ; දේශපාලන – ක්‍රියාදාම සහිත චිත්‍රපටයක්.
මේ වන විට නිකුත් කර ඇති පූර්ව ප්‍රචාරයන් හි සඳහන්ව ඇති ආකාරයට, චිත්‍රපටය 2026 වසරේ ජනවාරි 9 වැනිදා තිරගත වීමට නියමිතයි.
මීට ඉහත වාර්තා කර තිබුණේ, ‘ජන නායගන්’ මේ වසරේ ඔක්තෝබර් මාසයේදී නිකුත් කරන බවක්. නමුදු දැන් එය එළඹෙන ජනවාරි 9 වැනිදා
පොංගල් දිනයට සමගාමීව නිකුත් කෙරෙනු ඇති.
ඒත් එක්කම මෙහි ටීසර් එක ජුනි 22 වැනිදා නිකුත් කරනු ඇති බව සඳහන්. නමුත් එය දැනට නිල නොවන ආරංචියක් කිව්වොත් හරි.
ජුනි 22 කියන්නෙ, තලපති විජේගේ උපන්දිනය. මේ වසරට ඔහුට අවුරුදු 51ක් වනවා.
විජේගේ චිත්‍රපට ඉතිහාසය දිහාවට හැරිලා බැලුවොත්, ඔහුගේ උපන්දිනය සහ චිත්‍රපටවල ප්‍රධාන යාවත්කාලීන කිරීම් කියන කාරණාව සමානව යන්නක්.
විජේගේ දේශපාලන ගමනත් එක්ක, ‘ජන නායගන්’ සැලකිය යුතු බරක් සහිත දේශපාලන ක්‍රියාදාම චිත්‍රපටයක් වනු ඇති බවට කාලයක් තිස්සේ කතාබහක් ඇතිව තිබුණා. ඒකට මූලිකම හේතුව වුණේ, විජේ දේශපාලනයට පූර්ණ කාලීනව සංක්‍රමණය වීමට පෙර නළුවෙකු ලෙස අවසන් වරට රංගනයේ යෙදෙන චිත්‍රපටය ලෙස කල්තියාම එය නම්කර තිබීම නිසාවෙන්.
කතා තේමාව ගැන පළවන පූර්ව වාර්තාවන්ට අනුව එය ශක්තිමත් දේශප්‍රේමී ව්‍යාපාරයක් පෙන්නුම් කරනු ඇති.
මීට ඉහත සඳහන් වුණේ, ‘ජන නායගන්’ යනු බාලක්‍රිෂ්ණගේ ‘භගවන්ත් කේසරි’ හි ප්‍රතිනිර්මාණයක් බව. කොහොම නමුත් එය මේ වෙද්දි ප්‍රතික්ෂේප කරලා.
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවකට අනුව, ජන නායගන් චිත්‍රපටයේ වැඩකිරීම ගැන පූජා හෙග්ඩේ සඳහන් කර තිබුණේ ‘එය ඉතාමත් කටුක අත්දැකීමක්’ වූ බවක්.
ඊට හේතුව මෙය විජේගේ අවසාන චිත්‍රපටය ලෙස සඳහන් වීම.
channel e