ජීවිතය වර්ණවත් කරගන්න පුළුවන් විදියේ පුංචි පුංචි ෆෙංෂුයි ක්‍රමවේදයන් ටිකක් කියලා දෙන්නයි හදන්නේ…
හරිම සරලයි.
කරලා බැලුවොත් වෙනස ඔබට තේරුම් ගන්න පුළුවන් …
ඔබ කාන්තාවක් නම්, ජීවිතය විඳින්න එවැනි ෆෙංෂුයි ක්‍රම සහ විධි අත්හදා බලන්න.
ලට්ට ලොට්ට, කැලි කසළ, කැඩිච්ච බිඳිච්ච බඩු බාහිරාදිය නැති ඒ සොඳුරු නිවෙස ධන උල්පතක් කරගන්නා හැටි ෆෙංෂුයි මඟින් අපි විමසා බලමු.
ලට්ට ලොට්ට ඕනෑම නෑ .
සමහර අය ලට්ට ලොට්ට ගොඩගහගෙන ඉන්නවා…
ඒ අය එකම තැන පල් වෙනවා. දියුණුවක් ඇත්තෙම නෑ,
පරණ ඇඳුම්, පරණ පොත්පත්, කැඩුණු ගෘහ භාණ්ඩ, කැඩුණු විදුලි උපකරණ ආදී සියල්ලම එකතු කරලා ඒවා ගෙදරින් ඉවත් කරන්න. නැත්නම් කාට හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කෙනකුට දෙන්න.
පරණ දේවල් මේ විදියට දෙන කොට ඔබගේ කාමර, කබඩ් සහ ලාච්චුවල හිස් අවකාශ ඇතිවෙනවා. මේ හිස් අවකාශවලින් පිරෙන්න ශූභ “චී” ශක්තිය. හිස් ගතිය වැඩියි නම් ශුභ ශක්තිය හොඳින් නිවෙස තුළට ගමන් කරනවා. එයින් වාසනාව වැඩි වන බවයි ෆෙංෂුයි ශාස්ත්‍රයේ සඳහන් වෙන්නේ.
ප්‍රයෝජනවත් නැති දේවල් ඉවත් කිරීම පමණක් හැකි නමුත් වැඩිපුර තිබෙන දේවල් වුණත් ඔබට අන්‍යයන් හා බෙදාගන්න පුළුවන්.
ඔබ සතු වැඩිපුර තිබෙන දේවල් අන්‍යයන්ට දී ඔබේ නිවෙසට සහ ඔබේ ජීවිතය තුළට අලුත් වස්තූන් ලැබෙන ආකාරය සහ අලුත් ශක්තියෙන් නිවෙස පිරී යන ආකාරය අත් විඳින්න.
අම්මාගේ ශක්තිය නිරිත දිශාවයි..
පවුලේ වැඩකටයුතු සහ නිවෙසේ වැඩ කටයුතු පවතින්නේ අම්මාගේ අතේ නේ. ඒ නිසා අම්මාගේ වාසනාව බලවත් වෙන විදිය ගැනත් සොයා බලමු.
ස්වාභාවික පළිඟු ගල් දෙකක් නිවෙසේ නිරිත දිසාවේ තබන්න. එයින් අම්මාගේ/බිරියගේ වාසනාව වැඩි කරනවා.
රතු පාට, රෝස පාට රෙදිපිළි, උපකරණ, බඩු බාහිරාදිය නිරිත දිශාවේ තබන්න.
කහ වර්ණය ද නිරිත දිශාවට සුබයි..
නිවෙසේ නිරිත දිශාවේ මැටි, පිඟන් මැටි භාණ්ඩ වැඩිපුර තබන්න. නමුත් කොළ වර්ණය සහ මල් පැළ නිරිතට අසුබයි. නිරිත දිශාවේ පැළ තබන්න එපා.
නිවෙසේ නිරිත දිශාවේ කොටසක් අඩුයි නම් එම නිවෙසේ ජීවත්වෙන මවගේ/බිරියගේ වාසනාවත් අඩුයි. බලයත් අඩුයි.
නිවෙසේ නිරිත දිශාව යුග දිවියට සහ ප්‍රේම සම්බන්ධතාවලට ද බලපාන නිසා නිවෙසේ නිරිත දිශාව ඉතා පිරිසුදුව ලට්ට ලොට්ටවලින් තොරව තබාගන්න.
රතුපාට හරිම බලවත්..
චීන ජාතිකයින් රතු පාට ඉතාම සුබ වර්ණයක් විදියට සලකනවා. රතු වර්ණය අග්නි මූලධාතුවට අයිතියි. ඔබේ ඇඳුමේ රතු වර්ණය තිබෙනවා නම් එය ඔබේ ශක්තිය වැඩි කරලා ඔබ ක්‍රියාශීලී පුද්ගලයකු බවටත් පත්කරනවා.
රතු පාට මල් පෝච්චියක කෘත්‍රිම හෝ ඇත්ත මල් (ස්වාභාවික මල් නම් වඩාත් හොඳයි) දමා නිවෙසේ හෝ කාර්යාලයේ දකුණු දිශාවේ තැබීමෙන් නිවෙසට හෝ කාර්යාලයට වාසනාව වැඩිපුර එකතු කරගන්න පුළුවන්.
රතු පාට කවරයක හාල් ස්වල්පයක් දමා, එම කවරය කුස්සියේ රාක්කයක තැබීමෙන් ධන වාසනාව වැඩිවෙන බවට මතයක් තිබෙනවා.
රතු වර්ණය සහ හාල් එකට මිශ්‍ර කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන බවට චීන ජාතිකයින් පිළිගන්නවා.
රතු පාට බඳුනක පැළයක් සිටවන්න.
මෙය යුරෝපීයයන් අතර බොහොම ප්‍රකට වෙච්ච සරල ෆෙංෂුයි ගුරුකමක්.
රතු පාට ලී හෝ මැටි බඳුනක (මල් පෝච්චියක්) රවුම් පත්‍ර සහිත සරුවට වැඩිච්ච පැළෑටියක් සිටුුවා එය ඔබේ නිවෙසේ හෝ වැඩපළේ ගිනිකොණ හෝ දකුණු දිශාවේ තබන්න.
ෆෙංෂුයි ශාස්ත්‍රයේ දී පැළවලට තිබෙන්නේ විශේස තැනක්. මොකද පැළය වර්ධනය වෙන දෙයක් නිසා.
රතු කියන්නේ වාසනාවේ වර්ණයක්. මෙම වර්ණය අපේ ආදායම සුළු වශයෙන් හෝ ඉහළ දමන බවයි ෆෙංෂුයි ශාස්ත්‍රයෙන් කියැවෙන්නේ.
ඔබත් මෙය අත්දැකීමෙන් විඳින්න.
පර්ස් එකට ධන වාසනාව.
ධනවත් පුද්ගලයකුගෙන් මාරු කාසි කිහිපයක් හෝ මුදල් නෝට්ටුවක් ඉල්ලාගෙන (මෙය ධනවත් මිතුරා කැමැත්තෙන්ම කළ යුතුය.) එය ඔබේ මුදල් පසුම්බියේ දාගන්න.
රතු හෝ කළු පාට මුදල් පසුම්බිවල ධන වාසනාව වැඩියි. ඉරීගිය, අව පැහැ ගැන්වූ මුදල් පසුම්බි අසුබයි. ඔබ මුදල්වලට ගරු කරන්න.
රාත්‍රී කාලයේ දී මුදල් පසුම්බිය ලාච්චුවකට දමා වසන්න. පැරැණි ඉරී ගිය මුදල් නෝට්ටු ඔබේ මුදල් පසුම්බියේ වාසනාව අඩුකර දමන අතර මුදල් කොළ ගුලි ගසා හෝ අක්‍රමවත් විදියට මුදල් පසුම්බියේ දමන්න එපා.
අනවශ්‍ය කඩදාසි කැබලි, පරණ බිල්පත්, බස් ටිකට් වැනි දේවල්වලින් ද මුදල් පසුම්බිය පුරවන්න එපා.
නිවෙසේ වාසනාවත් බලවත් …
පළමුවෙන්ම නිවෙස හොඳින් පිරිසිදු කරගන්න. මැටි හෝ සෙරමික් බඳුනක් අරගෙන එයට ජලය වීදුරුවක් පමණ පුරවන්න. ජලය උඩට මල් දමන්න. මාරු කාසි කිහිපයකුත් ජලයට දමන්න. වතුරේ පාවෙන ආකාරයට සැකසූ ඉටිපන්දමක් එම ජලය මත තබා ඉටිපන්දම පත්තු කරන්න.
දැන් මෙම බඳුන නිවෙසේ ඇතුළත මැද කොටසේ තබන්න. ඉටිපන්දම නිවෙන තුරු එලෙස තබන්න. නිවෙස පිරිසුදු කරන හැම අවස්ථාවකම ඔබට මෙම පුංචි ගුරුකම කළ හැකියි.
මෙහි විශේෂත්වය වන්නේ මෙයට මූලධාතු පහම අයිතිවීමයි.
1. ජල ධාතුව (ජලය)
2. පස ධාතුව (මැටි හෝ සෙරමික් බඳුන්)
3. ලෝහ ධාතුව (මාරු කාසි)
4. අග්නි ධාතුව (දැල්වෙන ඉටිපන්දම)
5. දැව ධාතුව (මල්)
මෙය යුරෝපීයයන් අතර ඉතාම ජනප්‍රිය වූ ෆෙංෂුයි ගුරුකමකි. ඔබතත් අත්හදා බලන්න.
උපුටාගැනීමක්