මම සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ උසස් පෙළ කරන කාලෙ. උසස් පෙළින් පස්සෙ මම කාලයක්ම ඉගෙනීම අතහැරියා” අපි හැමෝම ආදරේ කරන ගීත්මා කී කතාව

මම සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ උසස් පෙළ කරන කාලෙ. උසස් පෙළින් පස්සෙ මම කාලයක්ම ඉගෙනීම අතහැරියා” අපි හැමෝම ආදරේ කරන ගීත්මා කී කතාව


‘ගීත්මා බණ්ඩාර’ ප්‍රේක්‍ෂකයන් හමුවට එන්නෙ සංගීතේ ටෙලි නිර්මාණයෙන්.
ඒ ඇය, උසස් පෙළ හදාරන කාලේ.
”‘සංගීතේ’ කියන්නෙ මගේ ජීවිතය වෙනස් කරපු තැන. මගේ වටේ ගොඩක් ප්‍රේක්‍ෂකයො එකතුවෙලා මට ආදරය කරන්න පටන්ගත්තෙ සහ ගීත්මා බණ්ඩාර කියන නම කලා ක්‍ෂේත්‍රය තුළ ස්ථාපිත වුණේ ‘සංගීතේ’ නිසා. මගේ ජීවිතේ වෙනස්කරපු තැන කිව්වොත් හරි.”
එහෙම කලාවට එන ඇයට, සංගීතේ අසෙනිගෙ චරිතය නොලැබුණා නම්,,
”මම සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ උසස් පෙළ කරන කාලෙ. උසස් පෙළින් පස්සෙ මම කාලයක්ම ඉගෙනීම අතහැරියා. අවසානයේ විවෘත විශ්ව විද්‍යාලයේ සයිකොලොජි හදාරන්න පටන්ගත්තා. ෂූටිං කරන්න බැරි නිසා ඒකත් නවත්තනන සිදු වුණා. සංගීතේ, අසෙනිව හම්බවුණේ නැතිනම් මම ඉගෙනීම පැත්තෙන් ගොඩක් ඉස්සරහට ගිහින් තියෙයි.”
සංගීතේ අසෙනිට මිනිස්සු කෙතරම් ළෙංගතුයි ද කියනවා නම්, ගීත්මා කියන නමට වඩා මිනිසුන් ඇයව හඳුනන්නේ අසෙනි කියන නමින්.
ගීත්මා මේ වෙද්දි වෘත්තීයමය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය තමන්ගේම ව්‍යාපාරයකුත් කරගෙන යනවා.
”මගේ වෘත්තිය රංගනය කියන තැන හැමදාමත් මම හිටියා. ඒ නිසා රංගනයට තමයි මම මුල් තැන දීල තියෙන්නෙ. ඊට අමතරව මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නව.
මට තිබුණෙ කාලෙන් කාලෙට වෙනස්වෙන හීන. රංගන ශිල්පිනියක් වීම කියන්නෙ අහම්බයක්.
ලංකාව කියන්නෙ හැමදාමත් දියුණු වෙන රටක් වගේම රංගන ක්‍ෂේත්‍රයත් ඒ වගේම තමයි. නමුත් මේ ක්‍ෂේත්‍රයේ මහා ලොකු වෙනස්කම් කරන්න ඕන නැහැ. තියෙන දේවල් රැකගෙන, යන දවසට තමන්ගෙන් දෙයක් කලාවට ඉතිරිකරල යනව නම් ඒක තමයි වටිනාම දේ…”

උපුටාගැනීම් : මීවිත | මහේෂ් එදිරිසිංහ

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *