කොලෙස්ටරෝල් මර්ධනය කරන සුදු ලුණු ගැන පුදුම හිතෙන දේවල් මෙන්න

කොලෙස්ටරෝල් මර්ධනය කරන සුදු ලුණු ගැන පුදුම හිතෙන දේවල් මෙන්න

 

මේ කියන්න හදන්නේ කොලෙස්ටරෝල් මර්ධනය කරන සුදු ලුණු ගැන ඔබ නොදන්නා දේවක් ටිකක්…

ගන්නා සෑම ආහාර වේලක් සමඟම ඇතැම්විට සුදුළූණු බිකක් දෙකක් එකතු කර ගැනීම සමහරෙකුගේ පුරුද්දක් වී ඇත. සුදුළූණු මුළුතැන්ගෙයි කුළුබඩු අතර ප්‍රධාන තැනක් ගනී. සුදුළූණු ගෙඩියක් දෙකක් පුළුස්සා ගෙන හැපීම එවකට ගැමියාගේ පුරුද්දය. එයින් ගැමියා නොදැනුවත්ම ඔහුට ඖෂධීය ගුණයක් ලැබුණා. මෙතරම් ඖෂධීය ගුණයෙන් සපිරි කෑමට ප්‍රිය සුදුළූණු මුළු තැන්ගෙයි රජ කරනුයේ අප සැමගේ ආහාර රුචියද වැඩි කරමිනි. අපි අද බලමු සුදුළූණුවල ඇති ඖෂධ ගුණය.
සුදුළූණු ආහාරයක් හා ඖෂධයක්
අතීතයේදී බැබිලෝනියන්වරු සුදුළූණු බලගතු ඖෂධයක් හා ආහාරයක් ලෙස ප්‍රයෝජනයට ගෙන ඇත.රෝමන් යුධ හමුදාවේ ප්‍රධාන වෛද්‍යවරයා සොල්දාදුවන්ගේ ආමාශයේ, අන්ත්‍ර මාර්ගයේ සියළු පෙනහළු රෝග සඳහා සුදුළූණු යොදා ගෙන ඇත.

ඖෂධීය වටිනාකම
කෑම රුචිය වඩන්නට සුදුළූණු බෙහෙවින් ඉවහල් වේ. ආහාර දිරවීම හොඳින් සිදු කරයි. මල පිටවීම ක්‍රමවත් කරයි. ශරීරය වර්ධනය කරයි. කුෂ්ඨ නසයි. සෙම ඉවත් කරයි. වේදනා නාශකයකි. බුද්ධිය වර්ධනය කරයි. ආයුෂ වැඩි කරයි. ඇස් පෙනීම වැඩි කරයි. පණු රෝග නසයි. හෘදයට හිත කරයි. හොඳින් මුත්‍රා බැහැර කරයි. ආර්තවය ඇති කරන්නට උදව් වෙයි. ලිංගික ශක්තිය වඩයි. රුධිර ගමනා ගමනය වැඩි කරයි. ඉඳිමුම් අඩු කරයි. විෂ හරණයට ද උදව් දෙයි.
යොදාගනු ලබන රෝග අවස්ථා
පණු රෝග කෑම අරුචියට, අජීර්ණ, පැරණි කැස්ස, හෘද රෝග, සූතිකා රෝග, උණ, ක්ෂය රෝග, ඉඳිමුම, විෂ, වාත වේදනා, පක්ෂාඝාත

සුදුළූණු වලින් කෙරෙන ප්‍රතිකාර
බෝ වන රෝගවලට හා සූතිකාවන්ට
1. පොතු සමඟ සුදුළූණු පෙති කපා ගිනි අඟුරට දමා දුම් ඇල්ලීම.
2. සුදුළූණු පෙති කපා බඳුනක තබා රෝගියා සිටින ස්ථානයේ තැබීම.
හෘද රෝගීන්ට
1. සුදුළූණු විවිධාකාරයෙන් ආහාරයට ගැනීම.
කෝමාරිකා
කෝමාරිකා
වෙනස් රසයෙන් මාළු
වෙනස් රසයෙන් මාළු
සුදුළූණු කරපිංචා සම සමව ගෙන කොටා යුෂ කෝප්ප 1/2 දිනපතා බීම හෘද රෝග හා කොලෙස්ටරෝල් වැනි රෝග වලට ගුණදායකයි.

අධික රුධිර පීඩනයට
සුදුළූණු වසරක් පැරණි මී පැණිවල බහා තබා දිනපතා ආහාරයට සුදුළූණු බිකක් ගැනීම.
සුදුළූණුවල ඇති වටිනාකම
අධික රුධිර පීඩනයේදී රුධිර නාල විවෘත වි අධික රුධිර පීඩනය පහත හෙළන බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. හෘදය ධමනි ලේ කැටි (Cerebral thrombosis) දිය කිරීමේ හා මස්තිෂ්කයේ ලේ කැටි (Cerebral thrombosis) දිය කිරිමේ සුවිශේෂි හැකියාවක් ඇත. ලේ වල Cholesterol අධික වූ විට Cholesterol සම තත්ත්වයට පත් කළ හැකි ඔසුවකි. ක්ලොරොමයිසිටීන්, පෙනිසිලින්, ස්ට්‍රප්ටොමයිසින් ආදී ඖෂධ සොයා ගැනීමට පෙර එම ඖෂධවල කාර්යය බොහෝ දුරට ඉෂ්ට කළ වටිනා ඖෂධයකි. ආහාරයේ රස ගුණ ලබාදෙන අගනා ඔසුවකි.
ලැබෙන ප්‍රයෝජන
1. සුදුළූණු පොතු පුළුස්සා දුම් ඇල්ලීම ජීවාණු ආක්‍රමණ වළක්වයි.
2. ‘ඒඩ්ස්’ රෝගයට “පිළිකා” වලටත් සුදුළූණු ගුණදායක බව වර්තමාන විද්‍යාඥයින් සොයාගෙන ඇත.
3. සර්ව රාත්‍රික පිරිත් දේශණාවලදී ස්වර භේදය නැතිකර ගැනීම සඳහා සුදුළූණු යොදා ගනී.
4. ඉතා ක්‍රියාකාරී කෘමි නාශක ගුණයෙන් සුදුළූණු නිස්සාරකයක ඇත. මදුරුවන්ට 100%ක්ම ක්‍රියාකාරී මැස්සන් හා සමහර පළිබෝධ කෘමීන් සඳහා ඉතා හොඳ කෘමි නාශක ක්‍රියාකාරත්වයක් පෙන්වයි.
5. හෘදයාබාධ වැළක්වීමට ගන්නා ඇස්පී‍්‍රන් හා සුදුළූණු එක සමාන ලෙස සැලකේ.

අඩංගු ප්‍රධාන රසායනික සංයෝග
Allin
Allicin
Ajoenes
Vinyldithiness
Essential oil 0.06 – 0.1%
සල්ෆර් අඩංගු සංයෝග වන
1. S-alky -L-cysteine sulphoxid
2. r-glutamyl-s-alkyl-cysteines
3. Allyl alchol
4. කැල්සියම් හොඳින් අඩංගු ප්‍රභවයකි.

උපුටාගැනීමක්

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *