නානවානම් නාන්න හොඳම වේලාව මෙන්න…

නානවානම් නාන්න හොඳම වේලාව මෙන්න…

 

 

ලොව ඇතැම් පුද්ගලයෝ උදෑසනම ස්නානය සඳහා ප්‍රිය කරති. තවත් සමහරු රාත්‍රී ස්නානයට ප්‍රිය කරති.

විශේෂයෙන් උදෑසන අවදි වී රැකියාවට යන පුද්ගලයන් ස්නානය කර යෑමට ප්‍රියත්වයක් දක්වයි. නමුත් සමහරු උදෑසන මුහුණ කට පමණක් සොයාගෙන රාත්‍රියේ දී ස්නානය කිරීමට පෙළඹේ. ඔබ කුමන වෙලාවේ ස්නානය කළත් එය ඔබේ ශරීර සෞඛ්‍යයට බලපාන්නේ කෙසේ ද කියා ඔබ දැනගත යුතු ය.

බොහෝ දෙනෙකුට උදෑසන අවදි වූ පසුව ඇති නිදි බර ගතිය, මහන්සි ගතිය තෙහෙට්ටුව හා නැවුම් වීමේ අවශ්‍යතාවය නිසා ස්නානය කරයි. එවිට නැවුම් බවකින් දවස ආරම්භ කිරීමේ හැකියාව පවතින බව ඔවුන්ගේ විශ්වාසයයි.

එහෙත් රාත්‍රී කාලයේ ස්නානය කරන පුද්ගලයන් තර්ක කරන්නේ නින්දට පෙර ස්නානය කිරීමෙන් දවසේ සියලු අපිරිසිදුකම් ඉවත් කර ප්‍රීතිමත් සහ සුවබර නින්දකට වැටීමට රාත්‍රියේ ස්නානය උපකාරී වන බවයි.

මෙම අවස්ථාවලින් මිනිසාට සාමාන්‍යයෙන් වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ කුමක්ද ?සාමාන්‍යයෙන් දවස පුරා වැඩකර මහන්සි වී නිවසට පැමිණෙන පුද්ගලයකු රාත්‍රියේ ස්නානය කළ විට සියලු අපිරිසිදුකම්, දහදිය හා තෙල් ඉවත් වීමක් සිදුවේ.නමුත් රාත්‍රි කාලයේ ස්නානය කළත් ඔබ නින්දට ගියපසු ඔබට දාඩිය දැමීම සිදුවෙයි.

ඔබේ කොට්ට මත, ඇඳ ඇතිරිලි මත එම දාඩිය තැන්පත් වේ. එබැවින් උදෑසන අවදි වන විට ඔබේ ශරීරය නැවත බැක්ටීරියාවන්ගෙන් සහ අපිරිසිදු දාඩියෙන් ආවරණය විය හැක.

එසේම රාත්‍රී කාලයේ ස්නානය කිරීමට යෝජනා කරන බොහෝ දෙනා තර්ක කරන්නේ එමගින් රාත්‍රී‍යේ වඩා හොඳ නින්දක් ලබා ගැනීමට උපකාරී වන බවයි.

සැබවින්ම එය එසේ බව සිදු කරන ලද අධ්‍යයන වලින්ද හෙළි වී තිබේ. කෙසේ නමුත් ඔබ රාත්‍රියේ ස්නානය කළද උදෑසන ස්නානය කළද ඔබ අනිවාර්යෙන් තේරුම් ගත යුතු කරුණක් වන්නේ ඔබ නිදන ඇඳ ඉතාම පිරිසිදුව තබා ගැනීමයි. කොට්ට,මෙට්ට සහ ඇඳ ඇතිරිලි පිරිසුදුව පවත්වාගැනීමට ඔබ අනිවාර්යෙන් කටයුතු කළ යුතුය.

ඔබ ශරීරය කෙතරම් පිරිසිදුව තබා ගත්තද ඔබේ මෙට්ට සහ ඇඳ ඇතිරිලි අපිරිසුදු නම් ඔබ කුමන වේලාවේ කී වතාවක් ස්නානය කළඳ පළක් වන්නේ නැත.

එපමණක් නොව විශේෂයෙන් උදෑසනට ස්නානය කරන්නන් සවස් යාමය පැමිණි පසු අවම වශයෙන් ඇඟපත හෝ සෝදා ගැනීමත්, රාත්‍රියේ ස්නානය කරන්නන් උදෑසනර ඇඟපත සෝදා ගත යුතු වීමත් ශරීර සෞඛ්‍යයට වඩා සුදුසු බව හෙළි වී තිබේ.

එසේම ඔබේ නිදන ඇඳ අනිවාර්යෙන්ම පිරිසිදුව තබා ගැනීම මගින් වඩා සුවපත් නින්දකට ද යහපත් ශරීර සෞඛ්‍යයකටද උපකාරී වන බව තවදුරටත් හෙළි වී තිබේ.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *