කතුරුමුරුංගා | sesbania grandiflora
✒️වයඹ සරසවියේ ආහාර තාක්ෂණ අංශයේ ගුරු සිසු කංඩායමක්,මෙරට ආහාරයට ගන්නා පළා වර්ග 35 ක් යොදාගෙන කරන ලද පර්යේෂණයකදී ,පිළිකා,අධිරුධිර පීඩනය, ආඝාත,සන්ධි ආබාධ ඇතුළු රෝග ගණනාවක් පාලනය කිරීමේ ඖෂධීය ගුණ ඉහලින්ම ඇති පළාවර්ග පහ අතරට කතුරුමුරුංගා, අයත්වන බව සොයා ගනු ලැබුවා.
✒️මෙහිදී ජනප්‍රිය පළා වර්ග පසුකොට ඉදිරියෙන් සිටි අනෙක් පළා වර්ග වූයේ වැල් දොඩම් මැල්ල , කුරිඤ්ඤං,රණවරා යන කොළ වර්ගයි.
✒️හිමව් පව්වෙහි විසූ අගස්ති නම් පැරණි ඉසිවරයකු වියපත්වීම පමා කළ හැකි ඔසුවක් කතුරු මුරුංගා වලින් නිපදවීම නිසා ඊට ගරු කරනු වස් එම ශාකය අගස්ති නමින් හඳුන්වන බවසංස්කෘත ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන් වනවා.
කතුරු මුරුංගා යනු සැරයි උෂ්ණයි කියා අප කෑමට මැලිකරන දෙල්, බලමාළු ඉස්සන් වැනි ආහාර වල ඇති විෂ ගති දුරුකර,ඒවායේ රස ගුණ ලබාදෙන්නට උපකාරි වන ඇන්ටිහිස්ටමින් ගුණ සපිරි ශාකයක්.
එසේ ම,තොල කට පැලීම්,වණවීම් මුඛ ආසාදන ඉක්මනින් සුවකිරීමේ හැකියාවක් ඇති සුවිශේෂ ඖෂධීය ගුණ සහිත වූවක්.
දකුණු ඉන්දියානු ප්‍රභවයකින් යුතු කතුරු මුරුංගා ආසියානු රටවලත් ඔස්ට්‍රේලියාවේත් දක්නට ලැබෙනවා.
නිල්,කහ මල් ඇති,ප්‍රභේද ඇතත් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ සුදු හා ,රතුමල් සහිත විශේෂයි.
ශාකය.fabaceae කුලයට අයත් .
කතුරු මුරුංගා, විටමින් A B, C ,යකඩ, කැල්සියම්,ප්‍රෝටීන් සෙලනියම් තන්තු ආදී පෝෂක ගණනාවක් අඩංගු වූවක්.
ටැනින් සැපොනින් ෆ්ලේවනොයිඩ් ඇල්කලොයිඩ ඇමයිනෝ අම්ල සහිතවූවක්.
බැක්ටීරියා වෛරස් නාශක ක්ෂුද්‍ර ජීවිනාශක , ප්‍රති ශක්තිකරණ ප්‍රති ජීවක.ප්‍රති ඔක්සිකාරක හා පිළිකා නාශක ගුණ සහිත වූවක්.
ශාකය අගස්ති මෙන්ම වක්‍ර පුෂ්ප,ස්ථුල පුෂ්ප, vegetable humming bird, bak pushpa ආදි නම් ගණනාවකින් හැඳින්වෙනවා.
එය මිහිරි සිසිල් ගුණයෙන් යුක්තවූවක්.
වා සෙම් පිත් තුන් දොස් සමනය කරන්නක්. එසේ ම ඇස්පෙනීම වර්ධනය කරන්නක්, අසාමාන්‍ය රුධිර වහනයන් වළකන්නක්
සිරුරේ බාහිර අභ්‍යන්තර රෝග තත්ත්වයන් වළකාලන්නක් හා මනස සුවපත් කරන්නක්.
මුනිශාක තෛලය සිඳීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යය වන්නේද කතුරු මුරුංගා කොළයි.
කොළ,මල්, මුල්,ඇට,කරල් මෙන්ම මැලියම් ද ඖෂධ පිණිස යොදා ගැනෙනවා.
ප්‍රති ජීවක ගුණැති කොළ තේ පානයක් සේ සකසනු ලබනවා.
විරේක ගුණැති මල් ඇස් රෝග පාලනයට යොදාගනු ලබනවා.
මුල් උණ රෝගවලට එරෙහි ප්‍රතිචාර දක්වනවා.
කතුරු මුරුංගා මල් කොළ ,වෑංජන මැල්ලුම්,සලාද බැදුම් හොදි වැනි විවිධ, ක්‍රමවලින් ආහාරයට ගැනීමෙන් ඒවායේ ඇති උසස් රසායන ගුණ ලබාගත හැකියි.
කතුරු මුරුංගා,සිරුරේ අනවශ්‍ය දියර පිටකර හැරීමේ,ගුණයෙන්,යුක්තයි,
සෙම් ප්‍රතිශ්‍යා කැස්ස ,ඇදුම පීනස වැනි ශ්වසන,රෝග පාලනයකිරීමට,මෙන්ම
මැලේරියා වැනි කල්පවත්නා උණ සුව කිරීමේ හැකියාවෙන් ද යුක්තයි .
බඩවැල ආශ්‍රිත රෝග,මුත්‍රා රෝග , කාන්තාරෝග,පණු රෝග,දැවිල්ල,දුරුකිරීමට සමත්.
රුධිරය පිටවීමත් සමග ඇති පාචන,අර්ශස්, ආදි තත්වයන් ද පාලනය කළ හැකි බව සඳහන්වනවා.
ළපටි කොළ යුෂ පානයෙන් ශක්තිය වර්ධනය වනවා.
මල්, ඇස්වලට බෙහෙවින් හිතකරයි.පෙනිම වර්ධනය කරමින් රාත්‍රි අන්ධතාව දුරුකරනවා. ආහාර රුචිය මෙන්ම මතක ශක්තිය ද වඩනවා.
මල්, මාන්දම් රෝගයට මෙන්ම තොලකට පැලීම් වලටද ගුණදායකයි.
මල්,අපස්මාර රෝගීන්ට හිතකර වනවා.එම රෝගයට කොළද ගුණයදායකයි.
අළුතෙන් ඝන ආහාර හුරුවූ කුඩා දරුවන්ට යෝග්‍යයි.
ළපටි කරල්,කල්පනා ශක්තිය දියුණුවන අතර සිරුරේ බලය හා ශුක්‍ර වර්ධනය ද සිදුවන බව සඳහන්.
කතුරු මුරුංගා නීරක්තිය බ්‍රොන්කයිටිස් උණ ද සමනය කරන ගුණයෙන්ද යුක්තයි.
කැල්සියම් බහුලත්වයත් සමග අස්ථි ශක්තිත් කර දෙන කතුරු මුරුංගා,සන්ධ් රෝග ඉදිමුම් වේදනා දුරුකිරීමට සහයවනවා.
එවැනි සන්ධි අපහසුතා වලදී ,කතුරු මුරුංගා කොළ ,හා පොතු එකට අඹරා ආලේප කිරීමෙන් සහන අත්වනවා.
කතුරු මුරුංගා සමට හිතකරයි.සම වියළීම් කැසීම් එක්සිමා තත්ත්වයන් බැහැරකරන්නටත්,තුවාල ලප,පැපොල සරම්ප කැලැල්, බැහැර කරන්නටත් හැකියි.
එමගින් සමෙහි රැලි වැටීම් අවමවී සම වියපත්වීම් පමා කෙරෙනවා.
මුඛය තුළ තල්ලෙහි දිවෙහි ඇතිවන උෂ්ණ බීබිලි,වණවීම්,තොල පිපිරීම් ඉක්මනින් සුවකර ගැන්මට හැකියි.
විෂ නාශක ගුණැති කතුරු මුරුංගා කොළවලින් සිගරැට් දුමින් සිරුරටත් මොළයටත් වන හානි වැළැක්වීමේ හැකියාව ඇති බවත් මීයන් යොදා කළ පර්‍යේෂණ මගින් හෙළිව තිබෙනවා.
~ උපුටා ගැනීමකි…

Posted inUncategorized