දෙදාහට අරන් තිස් දාහට වික්කා කියලා අඩපු අයියලාට පියුමි දීපු වටිනා ආදර්ශය. රසිකයෙක් ලියයි..

දෙදාහට අරන් තිස් දාහට වික්කා කියලා අඩපු අයියලාට පියුමි දීපු වටිනා ආදර්ශය. රසිකයෙක් ලියයි..

පහුගිය දවස්වල අහන්න ලැබුනා පියුමි හංසමාලිගෙ ක්‍රීම් එක ගැන. රුපියල් දෙදාහට අරන් තිස්දාහට වික්කා කියල. ඒකට ෆේස්බුක් එකේ වැලලෙන්න ගිය උන් දැක්කම මට හිතුන මුං ගඩිගුඩා ආර්තිකයක් යටතෙ ජීවත්වෙන ආදිවාසික පරම්පරාවක්ද කියල.

පියුමි කොහෙන් හරි ‘අන්බ්‍රෑන්ඩඩ්’ ක්‍රීම් එකක් අරගෙන, ඒක වෙනම පැකේජින් කරලා, ඒකට බ්‍රෑන්ඩ් එකක් හදලා, තමන් ඒක උලලා උලලා සුදු වුනු උදාහරනයකුත් වෙලා, හම්බුවෙන කොල්ලගෙයි බල්ලගෙයි ඒක උල උල වීඩියෝ හදලා, ඒවා තමන්ගෙ මිලියන ගානක් ඉන්න සෝෂල් මීඩියා පිටුවල පබ්ලිෂ් කරලා, ඒ කරන වැඩ ‍ගොඩට මිළක් නැද්ද? ඒක තමයි ඒ බ්‍රෑන්ඩ් එකේ ‘කන්ටෙන්ට්’ එකට වඩා මිළ වැඩි කොටස. ඒ ක්‍රීම් එකට ඉල්ලුමක් තියෙන්නෙ ඒ කොටස හින්ද. ඒ වෙනුවෙන් තිස්දාහ නෙමෙයි පනස්දාහක් කිව්වත් ඒක පියුමි දෙන වටිනාකම. ඒක අසාධාරණයි කියල හිතන අයට පුළුවන් නොගෙන ඉන්න. ගාන ප්‍රස්නයක් නෑ වැ‍ඩේ වෙනවා නම් කියල හිතන අයට පුළුවන් ඒක ගාලා පියුමි වගේ සුදු වෙන්න. වෙළඳපොල නිදහස කියන්නෙ ඒකයි. කාට හරි ඕන නං පුළුවන් පියුමිගෙ ‘ඔරිජිනල්’ රුපියල් දෙදාහෙ ක්‍රීම් එක අරන් විකුණන්න ට්‍රයි කරලා ‘මාර්කට්’ එකේ වටිනාකම පවතින තැන ඉගෙන ගන්න.

වස්ති ෂෝ එකකට රුපියල් ලක්ෂ නමයක් ගන්නවා කියලත් ඒ වගේම පෝස්ට් දදා අඩනවා හන්දිවල. උන් ෂෝ එකකට ඒ වගේ ගානක් ගන්නවා කියල ඇහුවම මට නං ආවෙ සතුටක්. උන් උන්ගෙ ‘වැලියු’ එක ඒ තරමට අරන් ආපු එක ගැන. එහෙම බ්‍රෑන්ඩ් වලට වටිනාකමක් නිර්මාණය වීම තමයි ‘ඉන්ඩස්ට්‍රි’ එකක පදනම. නැතුව උන් කපුගේ වගේ නිකං සිංදු කිය කිය ඇවිදින එක නෙමෙයි.

වස්ති කියන්නෙ මං ආස බෑන්ඩ් එකක්. උන්‍ ස්ටේජ් එකට ආවෙ නෑ කියල ස්ටේජ් කුඩු කරන තරං උන්මාදයකින් පෙලෙන ඕඩියන්ස් එකක් උන්ට ඉන්නවා. උන් ඒකට ලක්ෂ නමයක් අය කරනවා. චාමර වීරසිංහ ලක්ෂ දහතුනක්ද කොහෙද ගන්නවලු. මරුනෙ. උන් ඒ වගේ ගනං අය කරන කොට ෂෝ එකක් ඒ වගේ ලෙවල් එකකට යනවා. ඒ ගනං ගෙවලා ලාභයක් ගන්න බැරි නං සංවිධායකයො ෂෝ නොකර ඉන්නවා. ඔය ෂෝ පවතින්නෙ ඒ වගේ වටිනාකමක් ඇති ‍බ්‍රෑන්ඩ් පැවතුනොත් කියල සංවිධායකයොත් දැනගන්න ඕන. උන් තමන්ගෙම ඉන්ඩස්ට්‍රි එකටම කෙලවගන්න තරමෙ අඥාන වදුරො පිරිසක්.

මේ රටේ මිනිස්සුන්ට ලාභයේ, වටිනාකම නිර්මාණය කිරීමේ, රැස් කිරීමේ අගය තේරෙන්නෙ නෑ. කවුරුන් හෝ පොහොසතුන් වීම සමාජ ප්‍රතිලාභයක් කියල තේරෙන්නෙ නෑ. ඒ වෙනුවට පටු කුහකකමෙන් උග්‍ර විදිහට පෙලෙනවා. ඒ කුහකකමෙන් ඕනම එකකට දමලා ගහනවා.

උපුටාගැනීම – චින්තන ධර්මදාස

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *