කොල්ලෝ කෙල්ලොන්ගෙ අයි ෆෝන් හීනයත් හීනයක්ම වෙන ලකුණු..?

කොල්ලෝ කෙල්ලොන්ගෙ අයි ෆෝන් හීනයත් හීනයක්ම වෙන ලකුණු..?

iPhone එකක් මිලදී ගන්න එක ලෝකයේ බොහෝ දෙනෙකුගේ සිහින අතරින් එකක්..

නවතම මාදිලියේ iPhone එකක් ගන්න ගොඩක් දෙනෙක් ආස වුණත් ඔන්න ඒකටත් දැන් වැට බැඳෙන්නයි යන්නේ..? මොකද්ද මේ ඔබට කියන්න යන ආරංචිය…? ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු යටතේ අයිෆෝන් එකක මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බව විශ්ලේෂකයින් පවසනවා…

ඒ අනුව, අමෙරිකාවේ ඇපල් මාදිලියේ ජංගම දුරකථන නිෂ්පාදනය කළහොත් එය ඩොලර් 3,500 දක්වා මිල තුන් ගුණයකින් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…

එමෙන්ම වර්තමාන මිල ලෙස ඩොලර් 1,000ක් සටහන් වන දුරකථනයක මිල තුන් ගුණයකට වඩා ඉහළ යා හැකි බවටයි විශේෂඥයින් පවසන්නේ…

නිෂ්පාදනය චීනයෙන් අමෙරිකාවට මාරු කිරීමට සිදුවුවහොත් 256GB iPhone 16 Pro එකක මිල ඩොලර් 1,100 සිට ඩොලර් 3,500 දක්වා ඉහළ යා හැකි බවටයි විශේෂඥයින් අනතුරු අඟවන්නේ…

බොහෝ අයිෆෝන් තවමත් චීනයේ නිපදවන අතර, එය අමෙරිකාවට අපනයන සඳහා සියයට 54ක තීරුබදුවකට මුහුණ දීමට සිදුවන ඇති..

එමෙන්ම චීනය සතුව නිෂ්පාදනය පැවතුනහොත් ඇතැම් විශ්ලේෂකයින් පවසන්නේ, iPhone 16 ඩොලර් 799 සිට ඩොලර් 1,142 දක්වා ඉහළ යා හැකි බවයි..

ඇපල් සමාගම වසරකට ජංගම දුරකථන මිලියන 220කට වඩා අලෙවි කරන අතර, එහි විශාලතම වෙළඳපොළවල් අතර අමෙරිකාව, චීනය සහ යුරෝපය ඇතුළත්..

කෙසේ වෙතත්, පසුගියදා සමාගමේ කොටස් සියයට 9.3කින් පහත වැටුණු අතර, 2020 මාර්තු මාසයෙන් පසු මෙසේ පහත වැටුණු ප්‍රථම අවස්ථාව වෙනවා..

එහිදී වෙළෙඳපොළ වටිනාකමෙන් ඩොලර් බිලියන 311ක් එම සමාගමට අහිමිව ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *