ජීව විද්‍යාවෙන් ඒ හතරක් ගත් පුංචි රූ රැජිනගේ කතාව මෙන්න

ජීව විද්‍යාවෙන් ඒ හතරක් ගත් පුංචි රූ රැජිනගේ කතාව මෙන්න

කුරුණෑගල දිස්ත්‍රිකයේ 28 වෙනියා ️️
ජීව විද්‍යාවෙන් A සාමාර්ථ 4 ක් අරන් මගේ පුංචි රූ රැජින ️ හිසට මා පැලදුව කිරුළත් , කරට දොස්තර නලාවත් දාගෙනම ආයේ හම්බෙමු පුතේ බලන්නකෝ ඉතින් …වයසට ගියාම මිස්ට බෙහෙත් ගන්න දැන් ගොඩාක් දොස්තරලා ඉන්නවා

ජීව විද්‍යා අංශයෙන් AL කරන ගමන් අපේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ උන ඇය ඒ තරමටම මාව විශ්වාස කලා…. මේ තරම් කඩයිම් විභාගයක් අස්සෙත් ඇය මාව තෝරගත්තා… A 4 ක් ..කියන්න වචන නෑ ✨️එකෙන්ම ගැම්මක්

බදවාගැනීමේ දවසේ මම කීවා….ඔයා බය වෙන්න එපා …අනිවාර්යයෙන් ඔයා ඩොක්ටර් කෙනෙක් වෙනව කියලා…ඉතින් එක වචනෙකින් හරි ඇයව මෝටිවේට් කරලා මේ ප්‍රතිඵලයට දායක වෙන්න ලැබුනා කියන සතුට හිතේ තියනවා ✨️

මොකද මම ආසම …මට නොලැබුන දේ එයාලට ලැබෙනවා දකින්න .ඉතින් ඒ කාලේ , මේ වගේම දවසක මේ වගේම රැයක මගෙන් ගිලිහී ගිය වෛද්‍ය සිහිනය අද මම ඊටත් වඩා ලස්සනට එයාලගෙන් දකිනවා ❤

ජය වේවා පුතේ සුභ පැතුම් ️

මාව විශ්වාස කරන කාටවත් ජීවිතේ නම් වරදින්න දෙන්නේ නෑ …එච්චරයි !

මේ ජීවිත වෙනස් කරන තැන නිසා ️️

ත්‍රිකලා ධරණී

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *