තම පුතාට ගෙනාපු චීන පටස් කෑ දන්ත වෛද්‍යවරියට අමාරුයි.

තම පුතාට ගෙනාපු චීන පටස් කෑ දන්ත වෛද්‍යවරියට අමාරුයි.

පානදුර ප්‍රදේශයේ පදිංචි රජයේ රෝහලක සේවය කරන දන්ත වෛද්‍යවරියක් අවුරුදු සමයේ තම පුත්‍රයා විසින් මිලදී ගෙන ඇති චීන පටස් එකක් දත්වලින් හපා පරීක්ෂා කිරීමට යාමේදී එය පිපිරී යාමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පානදුර පොලිසිය වාර්තා කරයි.

පොලිස් වාර්තා අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විස්තර හෙළි වී ඇත්තේ තුවාල ලැබූ වෛද්‍යවරියගේ පුත්‍රයා අසල වෙළඳසැලකින් චීන පටස් පහක් මිලදී ගෙන නිවසේ සාලයේ මේසය මත තබා තිබීමෙන් පසුවය. එම පටස් කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව, වෛද්‍යවරිය එය හඳුනා ගැනීම සඳහා දත්වලින් හපා පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇත.

එම අවස්ථාවේදී චීන පටස් එක මුඛය තුළම පුපුරා යාමේ හේතුවෙන් ඇයගේ මුහුණ, දත් සහ මුඛයට බරපතල තුවාල සිදුවී ඇති අතර, දත් කිහිපයකටද හානි සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට බරපතල තත්ත්වයේ පසුවන වෛද්‍යවරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් පිපිරීම සිදුවූ ස්ථානයේ පරීක්ෂණ පවත්වා ඇති අතර, තවදුරටත් පානදුර දකුණ මූලස්ථාන පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
පොලිසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් කරමින් චීන පටස් වැනි හඳුනාගත නොහැකි ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී අවධානයෙන් සිටින ලෙස දන්වා සිටියි. විශේෂයෙන් ළමුන් මෙවැනි භාණ්ඩ මිලදී ගැනීමේදී දෙමාපියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද අවධාරණය කර ඇත.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *