ඔයත් ගෑස්ට්‍රයිටීස් නිසා පීඩා විදින කෙනෙක්ද ? මෙන්න නිට්ටාවටම ලෙඩේ සුව කරගන්න විදිහ…

ඔයත් ගෑස්ට්‍රයිටීස් නිසා පීඩා විදින කෙනෙක්ද ? මෙන්න නිට්ටාවටම ලෙඩේ සුව කරගන්න විදිහ…

මෙය අද සමාජයේ බහුලව පවතින රෝගයක්..

මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ “ගැස්ට්‍රයිටීස්” ලෙසින්ද ආයුර්වේදයේ “අමිලපිත්ත” ලෙසින්ද හැඳින්වෙන මෙම රෝගය වැරදි කෑම බීම හා ඇවතුම් පැවතුම් මුල් කරගෙන හට ගන්නවා..

රෝග ලක්ෂණ පහළවීමත් සමඟ අම්ලපිත්ත රෝගයට ප්‍රතිකාර සඳහා යොමු නොවුවහොත් රෝගය වැඩි කලක් පැවතීම නිසා ආමාශයේ ඇතුළත පවතින සෙම් සිවියට හානි වීමෙන් ආමාශ තුවාල හට ගැනීම සාමාන්‍ය දෙයක්..

බඩගිනි ඇති කිරීම සඳහා හේතුවන ආමාශය වා, පිත්, සෙම් යන දෝෂ තුනෙන් පිත්දෝෂයෙහි භෞතික ගුණය හා ක්‍රියාව නිසා අම්ලපිත්තය ඇති වෙනවා… මේ රෝගයේදී ආමාශයේ ඇතුළත් සෙම් සිවියෙහි ඉදිමීම, රතුවීම ආදී ලක්ෂණ හට ගන්නා අතර වෙනත් ශාරීරික ලක්ෂණ ද හටගන්නා අතර,බඩ දැවිල්ල වළක්වා ගැනීමට මෙන්න මේ පියවර අනුගමනය කරන්න ඔබටත් පුළුවන්..

1. කෘත්‍රිම රසකාරක සහිත ක්ෂණික ආහාර ගැනීමෙන් වැළකීම

2. පිරිසුදුව ආහාර පිළියෙළ කර ගැනීම

3. නියමිත වේලාවට ආහාර ගැනීම

එදිනෙදා ජීවිතයේදී නිසි වේලාවට ආහාර නොගැනීම මෙයට ප්‍රධාන හේතුවක් වේ. තවද අපගේ ආහාරයට අධිකව කුළුබඩු වර්ග එකතු කිරීම, අධික ඇඹුල් රස ආහාර (විනාකිරි, බිලිං, තක්කාලි) නිතර ගැනීම, තෙල් ආහාර අධිකව ගැනීම, අධික ලෙස මත්පැන් හා දුම්වැටි භාවිත කිරීම හා ශෝක, ක්‍රෝධ, ඊර්ෂ්‍යා යන මානසික හේතූන් ද බලපාන අතර, තවත තේ, කෝපි සහ ඇතැම් කෘත්‍රිම පැණි බීම නිතර ගැනීමත් චොකලට් නිතර ආහාරයට ගැනීමත් මේ රෝගයට හේතු වෙනවා… මෙයට අමතරව වෙනත් ශාරීරික රෝග අවස්ථා සඳහා ගනු ලබන වේදනානාශක ඖෂධ ද මේ රෝගයේ ආරම්භයට හේතු පාදක වන අතර ඖෂධ භාවිතය අත්හළ විට ක්‍රමයෙන් රෝග ලක්ෂණ ද පහවී යනවා…

මේ කරුණු මුල් කරගෙන රෝගය ඇතිවූ පසු පත්තියම් ආහාර හා නිසි වේලාවට ආහාර ගැනීම රෝගය පාලනය සඳහා වැදගත් වෙනවා… ඊට අමතරව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද යොමු විය යුතුයි…

රෝග ලක්ෂණ

අම්ලපිත්ත රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස රෝගියාට බඩදැවිල්ල ඇතැම් විට බඩේ වේදනාව තිත්ත රසට හෝ ඇඹුල් රසට උගුරට ඒම, බඩ පුරවා දැමීම, තෙල් පිටවීම, ආහාර අරුචිය, ඇතැම් විට වමනය, පපු ප්‍රදේශයේ පවතින දැවිල්ල සහ වේදනාව දැක්විය හැකිය. අම්ලපිත්ත රෝගය සඳහා පිත් දෝෂයේ බලපෑම ප්‍රකටව පවතින බැවින් තරුණ වයසේ පසුවන්නන් හට බහුලයි.. එහෙත් බාල සහ වැඩිහිටියන්ට ද මේ රෝගය හට ගන්නවා… අම්ලපිත්ත රෝගය සැදී ඇත්නම් මේ ආහාරපාන ඔබට නුසුදුසු වෙනවා..

මස්වර්ග, තෙල් අධික ආහාර, කුළුබඩු අධිකව යොදා සකසන ආහාර හා ඇඹුල් සහිත ආහාර යෝග්‍ය නොවන අතර පාන් හෝ පාන් පිටිවලින් කරන ලද ආහාර (ඉඳිආප්ප, ආප්ප, කට්ලට්ස්, පැටිස්, රෝල්ස්, ප්‍රේස්ටි, බනිස්) මේ රෝගය පවතින කාලය තුළදී ගැනීම අම්ලපිත්ත රෝගීන්ට යෝග්‍ය නොවේ…

අම්ලපිත්ත රෝගයට සුදුසු ආහාරපාන

කැහිපිත්තං කොළ කොටා මිරිකා ඉස්ම මිදෙන්නට තබා කෑමට ගන්න..

කෝමාරිකා, පිටපොත්ත අයින්කර මදය රැගෙන හොදි ලෙස සකසා ගන්න..

පොකුරු වදමල් ගෙන උතුරන උණුවතුර දමා තැම්බුණාට පසු පෙරා බීමට ගන්න..

හාතවාරිය අල තම්බා කෑමට ගන්න..

හාතවාරිය කොළ කැඳ,

වැල්පෙනෙල කොළ කැඳ

වැල්පෙනෙල සලාද ලෙස සකසා කෑමට ගන්න.

කැබැල්ල දලු සම්බෝලය

කැබැල්ල දලු ව්‍යංජනයක් ලෙස සාදා කෑමට ගන්න.

පුහුල්, පිපිඤ්ඤා, කැකිරි වෑංජන ලෙස රතු කැකුළු සහල් වඩාත් සුදුසුය.

හීල් බත්, පොල්සම්බෝල සමඟ වී තම්බා කොටා ගන්නා හාල් ඉතා සුදුසුය.

කොමඬු, නෙළුම් අල, කොහිල කැඳ කොහිල අල ඉතා සුදුසුය.

අම්ලපිත්ත රෝගීන් පිළිපැදිය යුතු කරුණු

බඩ පිරෙන තෙක් ආහාර ගැනීමෙන් වළකින්න. බඩගින්නේ නොසිටින්න.

බඩ හිස්ව පවතින විට එළකිරි හෝ ජලය පානය කරන්න.

සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වන්න

නිදි වැරීමෙන් වළකින්න

කිසිවකු හා තරහ නොවන්න

අන්තර්ජාලය ඇසුරෙන්..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *