ලොවක් බලා සිටි වැඩසටහනක ශාරුක් දීපිකාට ලබාදුන් අමුතුම ඇගයීම මෙන්න.

ලොවක් බලා සිටි වැඩසටහනක ශාරුක් දීපිකාට ලබාදුන් අමුතුම ඇගයීම මෙන්න.

පසුගියදා මුම්බායි හි පැවති WAVES ලෝක සමුළුවට ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන් සහභාගීව තිබුණා.
WAVES හි පැවති The Journey: From Outsider to Ruler යන සැසියකට සහභාගී වූ මේ සුපිරි තරු යුවළ, වඩාත් හෘදයාංගම කතාබහක නියැලුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
එහිදී ශාරුක් කළ එක් ප්‍රකාශයක් කාගෙත් සිත්ගෙන තිබුණා.
ඒ, දීපිකා රඟපාන ‘හොඳම චරිතය’ මවකගේ චරිතය බවට ශාරුක් කළ ප්‍රකාශය යි.
“..මට තවත් එක් දෙයක් එකතු කිරීමට අවශ්‍යයි, එය ඉතා පෞද්ගලිකයි.
ඒ නිසා මම සීමාවන් ඉක්මවා යනවා නම් කරුණාකර මට සමාවෙන්න.
නමුත් මම හිතන්නේ ඇය හොඳම ලෙස රඟපාන්න යන චරිතය, දැන් Dua (දීපිකාගේ දියණිය) සමඟ කරන මවගේ චරිතයයි.
මම හිතන්නේ ඇය ඇත්තටම අපූරු මවක් වෙයි….”
ශාරුක් එහෙම කියද්දි, දීපිකා වයස අවුරුදු 18 දී මුම්බායි වෙත ආව සිය ගමන ගැන අදහස් දක්වලා තිබුණා.
”අවුරුදු 18 ක තරුණියක විශාල නගරයකට යාම, අද මම ආපහු හැරිලා බලද්දි ඒක ලොකු තීරණයක්.
එය කුඩා කුඩා දේවල් අත්හදා බැලීම් සහ දෝෂ සහිතව කළ සැරිසැරීමක්.
දැන් ආපහු හැරිලා බලද්දි,,, මම නරක නෑ…
මම හැමදේම හොඳින් කළා කියලා හිතනවා.
මම ඒ අවස්ථා ඕනෑවට වඩා සමරන්නේ නෑ… මම දේවල් දිහා බලන්නේ සරල විදිහට…”

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *