දරුවන්ගේ පාසලක් අසල ඇතිවුණු මේ සිදුවීම ගැන මේ වෙද්දිත් විශාල පිරිසක් අවදානය යොමුකරලා ඇති..
මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
කොළඹ රාමනාදන් හින්දු විද්‍යාලය ඉදිරිපිට ඩුබ්ලිකේෂන් මාර්ගය සම්පූර්ණ අවහිර කරමින් එම විද්‍යාලයේ දෙමව්පියන් විරෝධතාවක නිරත වී තිබෙනවා..
එම විරෝධතාව සඳහා 1000 අධික දෙමව්පියන් පිරිසක් එම ස්ථානයේ රැඳී සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ..
මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන ඒකකය ද කැඳවා තිබෙනවා..
පසුගියදා කොටහේන ප්‍රදේශයේදී සිසුවියක් මහල් නිවාස සංකීර්ණයකින් පැන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මොවූ මෙසේ විරෝධතාවයක නිරතව ඇත්තේ..
එමෙන්ම උද්ඝෝෂකයන් පවසන්නේ පාසලේ ගුරුවරයෙක් විසින් මෙම දරුවා අපයෝජනය කර ඇති බවට සැක කරන බවයි. එම නිසා එම දරුවා සියදිවි හානි කර ගෙන ඇති බවයි උද්ඝෝෂකයන් පවසන්නේ…