අනුදිගෙන් පණිවිඩයක් |
”මාගේ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාව වෙත,
ඔබ සැම මට දැක්වූ ආදරය, සහයෝගය සහ දිරිගැන්වීම් වෙනුවෙන් ස්තූතිය පළකරන්න තරම් ප්‍රමාණවත් වචන මා සතුව නැත. ඔබ විසින් මා උදෙසා තබන ලද සියලු සටහන්, කමෙන්ට්, සහ පණිවිඩ මට පෙනෙනවා වගේම ඒ සෑම සටහනක්ම, කමෙන්ට් එකක්ම, සුබ පැතුමක්ම මට මහමෙරක් තරම් වටිනවා.
මට ඒ සියල්ලටම පුද්ගලිකව පිළිතුරු ලබාදීමට අපහසු වුණත්, මගේ ගමනේ සෑම පියවරක් පාසාම ඔබගේ වචන මට විශාල ශක්තියක් සහ ධෛර්‍යයක් ලබාදෙන බව මම ඉතා කෘතඥපූර්වකව මතක් කරනවා.
ලෝක වේදිකාව මත අපගේ මව්බිමට ගෞරවයක් ගෙන එන්න මම අන් කවරදාකටත් වඩා අධිෂ්ඨානයෙන් සිටිනවා. මෙය ඇරඹුමක් පමණයි. ඔබ සැමගේ ආශිර්වාදය මට ඉදිරියටත් ලැබේ නම් අපිට මීටත් වඩා දිගු ගමනක් යා හැකි බව මට විශ්වාසයි.
මේතාක් දුර පැමිණි ආකාරයටම අපි ඉදිරියටත් එක්ව පියනගමු. ඔබ සියලුදෙනාටම මම ආදරෙයි සහ ණයගැතියි.
මගේ මුළු හදවතින්ම,
අනුදි”
උපුටාගැනීම : Anudi Gunasekara ෆේස්බුක් පිටුවෙන්