ප්‍රවීණ රංගන ශිල්පි සම්පත් තෙන්නකෝන් මහතාගේ ජන්ම සංවත්සරය ඊයෙ (ජුනි 20) දිනයට යෙදී තිබුණා.
ජීවත්ව සිටියා නම්, ඔහුට 66ක්.
වේදිකාව, පුංචි තිරය, රිදී තිරය බැබළවූ මේ අපූරු රංගන ශිල්පියාගේ ප්‍රිය බිරිඳ, ප්‍රවීණ රංගන ශිල්පිනි රත්නා ලාලනිය විසින් සම්පත් තෙන්නකෝන් මහතාගේ මතකය මෙලෙස අවදි කර තිබුණා.
”හිටියනම් ඔයා,
හැට හයක් අදට.
නිවනින් සැනසෙන්න සම්පත්”
මේ සටහනත් එක්කම අපූරු සේයා රූ එකතුවක් ද ඇය මුහුණුපොතට එක්කාසු කර තිබුණා.
ඊට ඇය ඔහු වෙනුවෙන් කරන ලද උතුම් වූ පිං කටයුත්තක සේයා රූ ද ඇතුළත්.