ඔබත් හැම වෙලාවෙම ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා නම් මේ ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න

ඔබත් හැම වෙලාවෙම ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා නම් මේ ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න

 

ස්නායු රෝග දිහා බැලුවහොත් බෙල්ල සහ කොන්ද ආශ්‍රිත තියෙන රෝගාබාදයන් වැඩි වීමක් දැකිය හැකිවීම අද කාලේ සාමාන්‍ය දෙයක්..

මේ ස්නායු රෝග බෙල්ල ආශ්‍රිත ඇතිවන විට විවිධ සංකුලතා ඇතිවෙනවා.. බෙල්ලේ අස්ථි 7ක් ඇති අතර, ඒ හතේ තෙරපීම් මත අත්වල හිරිවැටීම්, වැලමිට ගාවින් අත නවන්න බැරිකම, ඒ වගේම කාන්තා පාර්ශවයට ගොඩක් ඇඟිලි නැවිලා ලොක්වන ස්භාවයක් ඇතිවෙනවා..

මේ වැනි තත්ත්වයන් සියල්ල ඇතිවන්නේ බෙල්ලේ ස්නායු රෝග තත්ත්වයක් නිසායි.. ඒවගේම පාකින්සන් රෝගය නිසාත් ස්නායු තෙරපීම් බලපානවා.. ඒ වාගේම කොදු නාරටිය ගත්තාම කඨි කශේරුකාව සාමාන්‍ය එදිනෙදා කාර්යන්වලදී කොඳු නාරටිය තෙරපීම් නිසා ඇතිවන සංකූලතා නිසා කකුලේ හිරි ගතිය, පය තියලා යනවිට කකුලේ යටින් යමක් තියෙන ගතිය, ඇඟිලිවල හිරිගතිය, විශේෂයෙන් සුලැගිල්ල සහ අනිත් ඇඟිලිවල හිරිගතියක් දැනීම වැනි රෝග ලක්ෂණ ඇති විය හැකියි… දියවැඩියා රෝගීන්ටද මෙවැනි රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩක් පවතිනවා..

කඨිකශේරුකාවේ තෙරපීම්වලට ලක්වන්නේ 5වන අස්ථියත් ත්‍රික අස්ථියක් කොටසක් එක්කම තමා තෙරපීම්වලට ලක්වෙලා තමා කකුල්වල ස්නායු ආබාද ඇතිවන්නේ.
අදවන විට අප කරා පැමිණෙන බාල මහලු ගොඩක් දෙනෙකුට මේ ස්නායු අමාරු තියෙනවා. බහුතරයටක් දුරකථන භාවිතය නිසා බෙල්ල පහත්කර භාවිතාකරන බැවින් නිතරම බෙල්ලේ නැමීම් නිසා ලේ ගමන් කිරීම අවහිර වෙනවා. දීර්ග කාලයක් එකම ඉරියව්වක සිටින බැවින් මාංශපේෂිවල ක්‍රියාකාරිත්වය දුර්වල වෙලා යනවා. මේ හේතු කරගෙන බෙල්ලේ තෙරපීම් නිසා අත්වල ස්නායු ආබාද ඇතිවෙනවා. අත් වෙව්ලීම, අත්වල හිරිය වැනි දැ මේ බෙල්ලේ ස්නායු තෙරපීම් බලපානවා..

කොඳු ඇට පේලේ ඇතිවන ආබාද දිහා බැලුවහොත් නුහුරු ආකාරයෙන් පුටුවල වාඩිවී සිටීම, වාහානවල අධික දුරයෑම (ත්‍රීවිලි සහ බයික් වැනි) පරිගනක භාවිතා කිරීමේදී බොහෝ දෙනා කැරකෙන පුටුවල වැරදි ඉරියව්වලින් වාඩිවී සිටීම නිසා පසුකාලිනව උත්සන්න වී අතපය එසවීමට පවා අපහසුතා ඇතිවිය හැකිසේම බෙල්ලේ කශේරුකා, කාටිලේජ තෙරපීම නිසා ස්නායුවලට ඇතිවන තෙරපීමක් සමග ඉහත සඳහන් කළ රෝග ඇතවීමට පුළුවන්..

තවත් කාරණාවක් තමා මිනිසුන්ගේ අධික කාර්යබහුල තාව නිසා විවේකයක් නොමැතිව රාජකාරිවල නිරතවීම. මිනිසුන් කොතරම් කාර්යබහුල වුවත් තම ශරිරය ගැන සැලකිලිමත් විය යුතුයි. ආහාර, විහාර, ව්‍යායාම මෙන්න මේ කාරණා 3න අප අතිරින් ගිලිහි ගොස් තියෙන නිසා තමා අද සමාජයේ රෝගී තත්ත්වයන් ඇතිවෙලා තියෙන්නේ.

අඩුම තරමින් දවසකට පැය බාගයක් ව්‍යායාම්වල නිරතවිය යුතුයි. එකම ඉරියව්වක යමෙක් වැඩ කරනවානම් අඩුම තරමින් පැය භාගයකට හෝ පැයකට වරක් පොඩි විවෙකයක් ලැබිය යුතුයි.
තවත් හේතුවක් තමයි පෝෂණ ගුණයෙන් අඩු ආහාර ගැනීම, ජලය පානය අඩුකම වගේම ජලයේ තියෙන කඨිනත්වය විෂ සහිතකම වැඩිවීම නිසා මුත්‍රා පෙරිීම අඩු වේ. යුරික් ඇසිඩ් සිරුරේ සන්ධිවලට ගමන් කර පසු කාලයේදී සන්ධි අතර ආසාදිත තත්ත්ව ඇති කරයි. මෙම නිසා බෙල්ල, දණහිස්, අතපය වේදනා කොන්දේ අමාරු වැනි රෝග තත්ත්ව ඇතිවෙනවා..
එබැවින් හොඳ පෝෂණයක් අපේ ශරිරයට අවශ්‍යය. ජලය පානය ඉතාම වැදගත්. දවසකට වතුර ලීටර් 3-4ක් වත් පානය කළ යුතුයි. ජලය උණුකර නිවා පානය කළ හැකිනම් වඩාත් හොඳයි. පානය කරන ජලයේ තිබිය හැකි මලකඩ, ක්ලෝරින් ආදිය එහිදී නැසෙයි. ක්ලෝරින් ශරිරයට ඉක්මනින් උරා ගන්නවා. ළිඳකින් ජලය ගනු ලැබුවත් එම ජලයේ ඇසට නොපෙනෙන ක්ෂද්‍රජීවින් සිටිය හැකියි. මේ නිසා මුත්‍රා රෝග ඇතිවිය හැකිය. ඒ නිසා පොල්පලා අක්කපාන, නීරමුල්ලිය, ලුණු වර්ණ, ගොටුකොළ, සූදුරු තම්බා පානය කිරීම ඉතාම ගුණාදයකයි.
කෙඳි සහිත එළවළු පලතුරු ගැනීමට මැල්ලුම් වර්ග ආහාරයට දිනපතා එකතු කර ගැනීම වැදගත්.

අන්තර්ජාලය ඇසුරෙන්..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *