සිංහල සිනමාවේ මා හමුවූ මගේ තාත්තා ඔබ” ”බොහෝදෙනෙකුට මේ මහා සිනමාකරුවා අමතක වී දැයි මගේ හිත මගෙන්ම අහන වාර අනන්තයි” සිනමාවේ යුගපුර්ෂයෙකු ගැන ඈ කී කතාව

සිංහල සිනමාවේ මා හමුවූ මගේ තාත්තා ඔබ” ”බොහෝදෙනෙකුට මේ මහා සිනමාකරුවා අමතක වී දැයි මගේ හිත මගෙන්ම අහන වාර අනන්තයි” සිනමාවේ යුගපුර්ෂයෙකු ගැන ඈ කී කතාව

මේ දිනවල තිරගත වන ‘ක්ලැරන්ස්’ සිනමා සිත්තම තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ තාරකාව, නිහාරි පෙරේරා..
නිහාරි සිය සිනමා ගමන පටන් ගන්නෙ ම ‘ක්ලැරන්ස්’ සිනමාපටයෙන්.
ඒ වෙනුවෙන් ඇයට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි.
නිහාරිව මේ විදියට රිදී තිරයේ සිත්තම් කරන්නේ, අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ මහත්මයා විසින්.
‘ක්ලැරන්ස්’ සිනමාපටය ඉහළ ප්‍රතිචාර ලබමින් තිරගත වන මේ මොහොත වෙද්දි, ඒ ප්‍රතිචාර සියැසින් දැකබලා ගන්න තේජා ඉද්දමල්ගොඩ ජීවතුන් අතර නෑ.
නමුදු ඔහුගේ නාමය සදාකල් පවතිනු ඇති. ඒ, ඔහු කලාවට තිළිණ කළ නිර්මාණ එක්කම…
එලෙස තමන්ව සිනමාවට හඳුන්වා දී මැකී ගිය තේජා ඉද්දමල්ගොඩ ගැන නිහාරි හරි අපූරු ලියමනක් සමාජ මාධ්‍යයට මෙලෙස එකතු කර තිබුණා.
”තේජා සර්,
සිංහල සිනමාවේ මා හමුවූ මගේ තාත්තා ඔබ තුමයි. මං දන්නවා දිනෙක මා රටම හඳුනන, ආදරේ කරන සිනමා නිළියක් කිරීමට ඔබ තුමා තුල තිබූ සිහිනය සහ විශ්වාසය. සර්, අද මාව හුඟක් අය වැළඳ ගන්නවා. සුබ පතනවා. ඒ ඔබ තුමා තැනූ අඩිතාලම මතින් මං ආපු ගමනට.
ඔබ තුමා නොදන්නවා ඇති, ඔබ තුමා සමු ගැනීමට පෙර, අපිට ඉතිරි කර ගියපු මේ සුන්දර සිංහල සිනමා සිත්තම දැන් රටම ආදරේ කරන නිර්මාණයක්. එය නරඹපු ප්‍රෙක්ෂකයෝ, විටක හිනාවෙනවා, විටක හඩනවා. බොහෝ විට ඔවුන් අතීත මතක සමඟ සිංදු කියනවා. මේක හරි අපූරු නිර්මාණයක් සර්. හැමෝම කියන්නේ එහෙම.

ඒත්, බොහෝ දෙනෙකුට මේ මහා සිනමාකරුවා, නිර්මාණකරුවා අමතක වී ඇති දැයි මගේ හිත මගෙන්ම අහන වාර අනන්තයි. මං දන්නවා අපේ සර් ස්වභාවධර්මය විශ්වාස කරපු සංවේදී මිනිසෙක්. නිර්දෝශී සාධාරණ මිනිසුන් වෙනුවෙන්, නොමිනිසුන් හට, කාලය අවනඩුවක් ඉතිරි කරන්නේ නෑ.

තේජා ඉද්දමල්ගොඩයානෙනි, මා හට, සිංහල සිනමාවට ඔබ හිමිකර දුන් මහජන සම්මාන වලට, ගෞරවාන්විත ප්‍රතිචාර වලට, කෘතගුණ දැක්වීමට මා අද මෙහි නුඹ දැකීමට පැමිණියෙමි.”

#ChannelE

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *