රෝග රැසකට ගුණ දෙන ගස් නිවිති වල වගතුග මෙන්න….
බොහෝ දෙනෙකු ගස් නිවිති ලෙසට හදුන්වනු ලබන මේ ශාකය රට නිවිති , ගල් නිවිති , කදුරු නිවිති , ගොම නිවිති වශයෙන් ප්‍රාදේශීයවත් ceylon spinach , marappasali , water leaf , fameflower , surinam , java ginseng ආදි නම් ගණනාවකින්ද හඳුන්වනු ලබයි. අප්‍රිකානු , ඇමෙරිකානු සම්භවක් සහිත මෙම ශාකය යුරෝපය , ඕස්ට්‍රේලියාව හා ආසියානු රටවලද දක්නට ලැබෙන්නකි. එයින් ඇතැම් රටවල පාරම්පරික ඖෂධයක් ලෙසත්, ආහාරක් ලෙසත්, ගෙවතු උද්‍යන අලංකරණයටත් මෙම ශාකය භාවිතා කරයි. නිසරු බිමක වුවද ඉක්මනින් වර්ධනය වී ව්‍යාප්තවීමේ ශක්තිය මෙම ශාකයෙන් දක්නට හැකිය.
වඩා උසට නොවැඩෙන ගස් නිවිතියා ශාකය පොලොව පුරා ඉක්මනින් වැඩෙන පැලෑටියකි. අඩියක් හෝ දෙකක් පමණ උසට වැඩෙන මෙම ශාකය වර්ධනයත් සමග අතු බෙදෙමින් පදුරු ආකාරයට වර්ධනය වෙයි. ලාකොල පැහැති මාංසල ගතියකින් හෙබි කදක් ගස් නිවිතිය සතු අතර කල් යත්ම කද මොරනු ලබන්නේ ගසේ පැහැයද රතු පැහැයට හරවමිනි. ගස් නිවිති ශාකයේ පත්‍ර සම්මුඛව අගල් 2 – 5 දක්වා වර්ධනයක් පෙන්වන අතර පත්‍ර මාංසල බවින් යුක්තයි. ශාකයේ හා අතුවල මුදුනතින් ඉහලට නටුවක් විත් එහි ද්වි ලිංගික මල් කිහිපයක් පිපෙයි.
අලංකාරවත් මල් දම් පැහැයෙන් පෙති 5කින් යුක්තව පිපෙන අතර මලේ මැද අග්‍රය කහ පැහැති රේණූ කිහිපයක් දක්නට ලැබෙයි. මල් හැලීයාමෙන් පසු ලා කොල , ලා කහ මිශ්‍ර පැහැයෙන් පුංචි ගෙඩියක් හටගන්නා අතර ඒ තුල අබ ඇට වන් තරමක් පැතලි කලු පාට බීජ ගනනාවක්ම දක්නට හැකිය. ප්‍රධාන වශයෙන් බීජ මගින් ව්‍යාප්තිය සිදුවන මෙම ශාකයේ දඩුවලින්ද ශාක ව්‍යාප්තිය සිදුකරගත හැකිය. Porpulaceae උද්භිත කුලයට අයත් ශාකයකි ගස් නිවිතියා ශාකය.
මෙම ශාකයේ සාරය දුර්වල සිරුරු ශක්තිමත් කරන ශක්තිජනක පානයක් ලෙසත් ,
වාජීකරණ ඖෂධයක් ලෙසත් ,
සිරුරේ ඉදිමුම් ඇතිකරන අනවශ්‍ය දියර පිටකර හරින්නක් ලෙසත් ක්‍රියාත්මකවන බව ආයුර්වේදයේ සඳහන් වෙයි.
පෙණහළු ආශ්‍රිත රෝග ,
අක්මා රෝග ,
වකුගඩු රෝග,
ප්ලීහා රෝග ,
මුත්‍රා දුර්ගන්ධය ඇතුළු මුත්‍රා ගැටළු,
ආර්තව දෝෂ ,
නෂ්ට කාමය ,
පිරිමින්ට දරු පල නැතිකම,
ආදියේදී ප්‍රතිකාර කිරිමට ශාක පත්‍ර හා මුල් යොදාගනු ලබනවා.
ශාක යුෂ දියවැඩියාව හා අධිරුධිරපීඩනය පාලනය කිරීමට යොදාගනු ලබනවා.
කොළ යුෂ , මීපැණි සමග ලබාදීමෙන් අම්ලපිත්ත ( ගෑස්ටික්) රෝගයට හොද ඔසුවකි.
ශාකයේ මුල් ආතරයිටිස් ස්කර්වි රෝග පාලනයට යොදා ගනියි.
පෞරුෂ ග්‍රරන්ථි ඉදිමුම් සුවපත්කිරීමට මුල් තම්බා තේ පානයක් සේ ලබා දෙයි.
ගස් නිවිතියා මුල්කුඩු , මීපැණි සහ ගිතෙල් සමග ලබාදීමෙන් ලිංගික ශක්තිය වර්ධනයටත් සහය දක්වයි.
ගස් නිවිති ශාකයේ අන්තර්ගත පෝෂක අතර විටමින් A C B – තයමින් , නියැසින් , රිබොෆ්ලෙවින් , යකඩ , කැල්සියම් , මැග්නීසියම් , පොටෑසියම් , සින්ක් , කොපර් , මැන්ගනිස් , තන්තු , ප්‍රෝටීන් , ඔමේගා3 මේද අම්ල පෝෂකත් ඉන් ප්‍රධානය. ටැනින් සැපොනින් , ෆ්ලේවනොයිඩ සංඝටක , ක්ෂුද්‍ර ජීවි නාශක , දිලීර නාශක , බැක්ටීරියා නාශකත් , ප්‍රතිඔක්සිකාරක ගුණත් සිරුරු නිරෝගි කිරීමට දායකත්වය සපයයි. සිරුර ප්‍රතිනිර්මාණය කිරීමේ ගුණැති ශක්ති ජනකයක් බව සඳහන් වෙයි.
A C විටමින් එක්ව සමේ ලප කැළැල් මකා හරිමින් තුවාල පිළිස්සුම් සුවපත් කරමින් එය නිරෝගිව පැහැපත්ව තබන අතර සම වියපත්වීම පමා කර වඩා තරුණ පෙනුමක් ලබා දෙයි.
ගස් නිවිති ශාක පත්ර සිරුරේ වණ තුවාල ඉදිමුම් බැහැරකිරීමේ හැකියාවෙන් යුක්තයි.
ඇසේ සුද ඇතිවීම (macular degeneration ) වැනි ඇස්රෝග පාලනය කරමින් පෙනීම වර්ධනය කරවයි.
රුධිර සංසරණය යහපත් කරමින් රුධිරානු වර්ධනය කරමින් නීරක්තිය දුරුකරන ගුණ සතුය.
රුධිරගත සීනි , කොලෙස්ටරෝල් පාලනය කරමින් දියවැඩියාවත් අධිරුධිර පීඩනය හා හදවත් රෝග පාලනයටත් උපකාරී වෙයි.
ගස් නිවිති උදරය ආශ්රිත රෝග පාලනය කරන්නක්ද වෙයි.
මල බද්ධය අර්ශස් ඉරිටබල් බවල් සින්ඩ්රම් රෝගවලටද ගුණදායකය.
කැල්සියම් අස්ථි හා දත් ශක්තිමත් කරන අතර එමගින් ආතරයිටිස් , ඔස්ටියෝ පොරෝසිස් රෝග අවම කරලයි.
ගස් නිවිතියාවල අන්තර්ගත ටැනින් අක්මා, උදර , පාකින්සන් , මිග්රේන් ආදි තවත් රෝග ගණනාවක් පාලනය කිරීමට උපකාර වෙයි.
ශාකයේ ෆ්ලේවනොයිඩ් ප්රතිඔක්සිකාරක ගුණ අන්තර්ගත නිසා පිළිකා සෛල මර්දනය කරන බව සදහන් වෙයි.
ඉන්සොම්නියා රෝග තත්ත්වය වළකමින් සුවපත් නින්දක් ද හිමිකර දෙන්නට ගස් නිවිතියා ශාකය සමත්වෙයි.
ගස් නිවිතියා පත්‍ර හා ළපට් කඳ කොටස් වෑංජන සැකසීමට බහුලව යොදාගනියි. කිරට තෙලට මෙන්ම අල , පරිප්පු , දෙල් සමග මිශ්‍රණයක් ලෙසද රසවත් සේම ගුණවත් ආහාරයට සකසා ගත හැකිය. කැද පිසීමේදීද ගස් නිවිතියා ශාකය යොදාගන්නා අතර සුප් සැකසීමට ද යොදාගනු ලබයි.
⛔සැලකිය යුතුයි – අප මෙම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දැනුම සඳහායි.
ඔබට මෙම සත්කාර කිරීමට අවශ්‍ය නම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.
~ උපුටා ගැනීමකි…❤️
කාරුණික ඉල්ලීම,
සියළු සත්වයෝ සුවපත් වේවා යැයි පතන්න.
සුවපත් වේවා!

Posted inUncategorized