අර්ශස්, මළබද්ධය, දියවැඩියාව ඇතුලු රෝග රැසකට කියාපු බෙහෙත… බැරකොකු වල ඇති ඔබ නොදත් විශ්මිත ගුණ මෙන්න

අර්ශස්, මළබද්ධය, දියවැඩියාව ඇතුලු රෝග රැසකට කියාපු බෙහෙත… බැරකොකු වල ඇති ඔබ නොදත් විශ්මිත ගුණ මෙන්න

බැර කොකු.

නිරෝගී බවට දිව ඔසුවක්.
සන්ධි රෝග පමණක් නොව,රෝග රැසකට
දිව ඔසුවක්…..

නිරෝගිකම ඉහළින් ම ඔසවා දෙන ශාකයකි.
තමන්ට මල්පල හිමි නැතත් අනුන්ට සෞඛ්‍ය සම්පන්න මල් පල නෙළා දෙන ඔසු ගුණැති ශාක ලෙස බර කොකු හඳුන්වා දිය හැකියි.
බැර කොකු, බරි කොකු, පාත්තර කොකු යනාදි නම්වලින් හැඳින්වෙන බර කොකු තෙත් වනාන්තර හා මිරිදිය ජලාශ්‍රිත ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙනවා. කැරම් ඉත්තකුගේ හැඩය සහිත වට රවුම් දල්ල නිසාදෝ එය කැරම් කොකු ලෙසත් හැඳින්වෙනවා. ( එහෙත් කැරම් කොකු වෙනත් වර්ගයක් ) රතු හා ලා කොළ වර්ණවලින් යුක්තයි.
බර කොකු ළපටි දලු වෑංජනය සන්ධි ඉදිමුම් වේදනාවලට විස්මිත ගුණ දෙන්නක් බවට ප්‍රකටයි. වර්තමානයේ ආතරයිටිස් රෝගී තත්ත්වය ට කදිම දිව ඔසුවක්.
සතියකට වරක්වත් වෑංජනය ආහාරයට ගැන්මෙන් දණහිස් ආබාධ වළක්වා ගත හැකි බව සඳහන්වෙනවා.
විටමින් A සහ C තයමින්, පොස්පරස් හා වෙනත් ලවණවලින් පොහොසත්, තන්තු බහුල බර කොකු අර්ශස් රෝගපාලනයට උපකාර වන අතර දේශීය වෛද්‍යවරුන් ඒ සඳහා මිරිදිය මාළු සමග බරකොකු වෑංජනය යහමින් අනුභව කළ යුතු බවට උපදෙස් දෙන බව සඳහන්.
මල බද්ධය වැළැක්මට මඳක් මේරූ දලු ආහාරයට ගැන්ම වඩා පලදායක බව දැක්වෙනවා.
චර්ම රෝගවලට එරෙහි ක්‍රියාකාරිත්වයක් එහි ඇති බවත් කහඹිලියා වැනි විෂ පැළෑටි ස්පර්ශවී ඇතිවන කැසීම් දැවීම් ආදියේදී බරකොකු කොළ තලා ඇතිල්ලීමෙන් සහන සැළසෙන බවත් සඳහන්වනවා.
එහි ඇති විස නැසීමේ ගුණය නයි පොළොං විෂහරණයට ද යොදාගනු ලබනවා .ගෝනුසු පත්තෑ විෂ මෙන්ම මීමැසි දෂ්ටවලදී ත් ඉන් ප්‍රතිකාර කෙරෙනවා .
එසේ ම බල හුරුල්ලන් වැනි මාළුවල සැර මැකීමට ද යොදාගන්නවා.
ඇදුම වැනි ශ්වසන රෝග පාලනයටත් බරකොකු උපකාරීවනවා. එහි කොළ වියළා පුළුස්සන දුම ආඝ්‍රාණය කිරීමෙන් ශ්වාස නාල පුළුල්වී රෝගියාට පහසුව සැළසෙන බව සඳහන් වෙනවා.
රුධිරගත සීනි පාලනය කිරීමටද ඊට හැකි බව සඳහන්.
චීනය ජපානය ඉන්දියාව නේපාලය ඕස්ට්‍රේලියා ව ආදි රටවල් ගණනාවක බරකොකු ශාකය දක්නට ලැබෙනවා.
ශාකය පිළිබඳ කෙරුණු පර්‍යේෂණවලදී එහි කාන්තා ගර්භාෂ රෝග සුවයටත්, පුරුෂ බෙලහීනතාව දුරු කිරීමටත් ඇති හැකියාව හෙළි වී තිබෙනවා.
සමෙහි බාහිර තුවාල, ලේ ගැලීම් ආදිය පාලනය කිරීමට හැකි ශක්තිය ද ශාකය සතුයි.
එය මුත්‍රා ගැටළු, අතීසාරය වැනි රෝග විෂයයෙහිත් ප්‍රතිචාර දක්වනවා .
ඒ හැරුණුවිට පියයුරු පිළිකා ඇතුළු අනෙකුත් පිළිකා සෛල වර්ධනය මැඩපැවැත්වීමට ඇති හැකියාව ගැනද පර්යේෂකයන් සොයා ගත් බව සඳහන් වෙනවා.
ළපට් බරකොකු දලු කුඩාකැබලිවලට කපා ලුණු මිශ්‍ර උණු දියෙහි පැය බාගයක් පමණ බහා තබා, දිය පෙරා උයාගන්නා වෑංජනය රසවත් මෙන්ම ගුණවත්.
එය ගැබිණි මවුවරුන්ට නම් හිතකර නොවන බවයි සඳහන්වන්නේ.
.
විටමින් බී සංකීර්ණයෙන් පොහොසත් කැරන් කොකු මලයාසියාව ඕස්ට්‍රේලියාව හා ආසියාවේ දැකිය හැකියි.
එමගින් අර්ශස් උදරාබාධ අතීසාර ආදි ආහාර මාර්ගය ආශ්‍රිත රෝගවලටත් , අම්ලපිත්ත, හර්නියා තත්ත්වයන්ටත් ප්‍රතිකාර කෙරෙන බව සඳහන්.
ශාකය විෂ නසන ගුණයෙන් ද යුක්තයි.
ශාකයේ ගුණ ලබා ගැන්ම සඳහා, ළපටි දලු කුඩාවට කපා කහ ලුණු ගොරක දමා තම්බා දිය හැර කැමති ලෙසකට පිසගත හැකිය.
~ උපුටා ගැනීමකි…❤️
කාරුණික ඉල්ලීම,
සියළු සත්වයෝ සුවපත් වේවා යැයි පතන්න.
සුවපත් වේවා!

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *