තැලුම් රිදුම් සුව කරන ගොනිකා කොල වල ඇති විශ්මිත ගුණ දැනගන්න

තැලුම් රිදුම් සුව කරන ගොනිකා කොල වල ඇති විශ්මිත ගුණ දැනගන්න

ගොනිකා කොල / ගොනු කෑ කොළ
(Psychotria Sarmentosa).
තැලුම් රිදුම් සුවකරන වටිනා ඔසුවකි. ප්‍රපාතයකට ඇදවැටී පාදය බිඳුණු ගවයකු වැතිර සිටි තැන තිබූ වැලක් ඇද කෑමෙන් පාදය සුව වූ හෙයින් එම වැල් ශාකය ගොනු කෑ නම් වී යැයි ජනප්‍රවාදයෙහි සඳහන් වෙනවා.
උද්භිද ලේඛනවල වල් ගොනිකා වන එම වැල් ශාකය ජන පුවතට ගැලපෙන පරිද්දෙනම කැඩුම් බිඳුම්, තැලුම්, රිදුම් සුව කර දෙන වටිනා ඔසුවක්. මාංශල ගුණ සහිත සම්මුඛ පත්‍ර සහිතයි. පුෂ්ප මංජරියක හටගන්නා මල් සුදු හා ලා කොළ පැහැයෙන් යුක්තයි.
Rubiaceae කුලයට අයත් එය සාමාන්‍ය ව්‍යවහාරයෙභි ගොනුකෑ / ගොනිකා ලෙස හැඳින්වෙනවා.
ඔසු පිණිස බහුලව යොදා ගන්නා Psychotria sarmentosa ගොනුකෑ ශාකය, විටමින් A B C D E, ප්‍රෝටීන් , කැල්සියම් පොස්පරස්, කාබොහයිඩ්‍රේට්, ඛනිජ ලවණ ආදි පෝෂක වලින් පොහොසත් වූවක්.
එය මාංශ පේශී ලිහිල් කරන ගුණයෙන් යුක්තයි. වේදනා නාශකයක්, වාත නාශකයක්, මෙන්ම මේද දහනය කරන්නක් සේ ද , මානසික සෞඛ්‍යය වඩවන්නක් සේ ද ක්‍රියාත්මක වනවා.
තැලීම් වැටීම් අනතුරු ආදියේදී මාංශ පේශී ලිහිල් කර වේදනා තුනී කර දෙනවා.
වාත, සන්ධිගත රෝග, ආමවාත, ඉදිමුම් හා ඇවිදීමේ අපහසුතා ඇති වාත රෝගවලට ගුණදායකයි.
ස්නායු රෝග පාලනයට සහාය වන ගොනිකා අංශබාග රෝගීන්ට ඇතිවන අපහසුතා , අමතක වීම් මෙන් ම , මානසික රෝග ඇතිවීමට ඇති හැකියාව ද අවම කර දෙනවා.
රුධිරගත සීනි අඩු කරනවා .රාත්‍රි නින්දෙන් මුත්‍රා පහවීම ආදි මුත්‍රා රෝගවලට ගුණ දෙනවා.මල බද්ධය දුරු කරනවා.
ඇස් වලට හිතකරයි. ඇස් දැවිල්ල අඩුකර පෙනීම වර්ධනය කර දෙනවා.
හිසකෙස් වැටීම වළකා කෙස් වැඩීමේ ගුණ ද ගොනිකා සතුයි. ඒ සඳහා හිසට දැමීමට වෙනත් ඔසු හා එක්කොට තෙල් සිඳිනු ලබනවා.
වියපත් වූ විට සන්ධි වියළීමෙන් ඇතිවන අපහසුතා අවම කර ගැනීමට කොළ කැඳ, මැල්ලුම් ආදි වශයෙන් ගොනිකා කොළ විටින් විට ආහාරයට ගැනීම පලදායකයි. ඉන් රුධිරයේ මේදය ද දහනය වනවා.
දරු උපතක දී මවට පහසුව සැළසීම සඳහා ගොනිකා පානය යොදාගනු ලබන බව සඳහන්.
තැලීම් උළුක්කුවීම්, මස් පිඬු පෙරළීම් ආදිය ඇතිවිටද ගොනිකා කැඳ සහනය, ලබා දෙනවා. අස්ථි බිදීම් වලට ප්‍රතිකාර කිරීමේදී ගොනිකා කොළ ආහාර පානවලට එක් කරනු ලබනවා.
ගොනිකා කොළ යුෂ අඬු කෝප්ප බාගයක් කැල්සියම් පෙති 10 කට වැඩි වටිනාකමකින් යුක්ත බවයි පළවන්නේ.
ඉන් අස්ථි ශක්තිමත් වී, වියපත් වන විට ඇතිවන ඔස්ටියෝ පොරෝසිස් ‍රෝග තත්ත්වයෙන් වැළකිය හැකි වන බව, සඳහන් කෙරෙනවා.
එහෙත්, තවමත් අස්ථි වර්ධනය වෙමින් පවතින බාලයකුට එය ලබාදීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වනවා.
ගොනිකා කොළ කැඳ පිළියෙළ කිරීම..
ගලවා පිරිසිදු කරගත් සම්පූර්ණ ගොනිකා වැල් කිහිපයක්,
පොල් ස්වල්පයක්
සුදු ලූනු,
ලුණු ස්වල්පයක්,
හිනටි ( කළු හීනටි ) හාල් ස්වල්පයක්, (පෙර දින රත්‍රි පෙගෙන්නට තබන්න.)
සාදා ගන්නා ආකාරය –
ගොනිකා වැලේ සියලු කොටස් (කොල සහ දඬු) සමග ගලවාගෙන, හොඳින් සෝදා පිරිසිදු කර, හීනියට කපා ගෙන, බ්ලෙන්ඩරයට දමා වතුර සාමාන්‍ය ප්‍රමාණයක් දමා බ්ලෙන්ඩර් කර මූලික යුෂ සාරය ටික සාදා ගන්න.
පසුව හිනටි හාල් ටික හා හිනියට bender කරගත්කැපු සුදු ලුන ගෙඩි දෙක තුනද දමා ලිප තබා බත හොදට බෙරිවෙන්න උයා ගන්න.
බත ඉදුන පසු හැන්දක් ගෙන භාජනයේ තිබිය දි හොදට පොඩිකර ගන්න. පසුව එයට බ්ලෙන්ඩර් කරගත් ගොනිකා යුෂ දමා සාමාන්‍ය රත් වූ පසු පොල් කිරි එකතු කරන්න. තවත් මද වේලාවක් හැඳි ගා ළිප බා පානය කරන්න.
~ උපුටා ගැනීමකි…❤️

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *