යුරේනි නොශිකා කියන්නේ අද කාලේ හැමෝම දන්න දක්ෂ රංගන ශිල්පිනියක්…
විටෙක සමාජ මාධ්‍ය ඇයට විවේචනය කරත් යුරේනි කියන්නේ කටුක ජීවිතයක් මැදින් ඇවිත් අදටත් හිනාවෙන් ඉන්න සොදුරු කලාකාරියක්…
හැබැයි ඒ සිනහව ඇතුලේ ලියවුනු හුගාක් දුක්බර කතා තියෙනවා.
ඉන් එක් කතාවක් යුරේනි කිව්වේ මෙහෙමයි..
” සම්මානයක් ගන්න හැම දවසකම, මං තනියෙන් ගෙදර යනකොට මට ඒ සම්මානය සමරන්න කවුරුත් නෑ. සමහර වෙලාවට මම සම්මාන අරගෙන කොට්ටේ බදාගෙන අඬලා තියෙනවා. මම හිතනවා විශාල පිනක් කරලා ඇති සංසාරේ ඒ වගේ ගරු බුහුමන් ලබන්න, හැබැයි ඒ හා සමාන විශාල අකුසලයක් කරලා ඇති සතුටු වෙන රාත්‍රියේම අඬන්නත්. මට මගේ අම්මයි තාත්තයි නැති වෙද්දි මට අවුරුදු හතයි. ජිවිතේ එහෙම තමයි.”