ගන්දර, තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 61 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය – මාතර ධාවනය වන බස් රථයක් සහ තංගල්ල – මාතර අතර ධාවනය වන බස් රථයක්.
ඉන් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.