කාලයේ වැලි තලාවෙන් වැසී යන්න ගිය තවත් කතාවක්. මිට වසර කිහිපයකට පෙර සිදුවුණු මේ කතාවෙන් කිසිම අපරාධකරුවෙකුට අපරාධයක් කොට සැඟවිය සිටිය නොහැකි බව මනාව පසක් වෙනවා.
නිර්මලා මැදිවියේ පසු වු කාන්තාවකි. ඕ තම සැමියාගෙන් වෙන්ව තනිවම පදිංචිව සිටියාය. ඇය දිවි රැකගැනීම සඳහා වෙළෙඳ සැලක් පවත්වාගෙන ගියාය.
ඕ තම වියහියදම් සපුරා ගනු ලැබුවේ වෙළෙඳ සැලෙන් ලැබෙන ආදායමෙනි. නිර්මලා පදිංචිව සිටි නිවසට යාබදව වෙළෙඳ සැල පිහිටා තිබිණි.
ඇය මැදිවියේ පසු වු කාන්තාවක් වුවද විසේකාර තැනැත්තියක් වුවාය. පිරිමින් තම වසඟයට ගැනීමට නිර්මලා පුදුම හපනියක වූවාය. ඒ පමණක් නොව ඇය කටකාර යුවතියක් ද වුවාය. මේ නිසා ඇතැම් පිරිමි නිර්මලාට වහ වැටි සිටියහ.
මේ අතර නිර්මලා පිරිමි කිහිප දෙනෙකු සමඟ අනියම් සම්බන්ධතාවන්ද පවත්වාගෙන ගියාය.
අනියම් සැමියන් රාත්‍රි කාලයේ නිර්මලාගේ නිවසට පැමිණියේය. මේ ගැන ගම්මුන්ද දැන සිටියහ. නිර්මලාගේ මේ නොමනා හැසිරීම පිළිබඳ ගම්මුන් ඇයට නොයෙකුත් ඇනුම්පද කීවද ඇය ඒ කිසිවක් තුට්ටුවකට ගණන් ගත්තේ නැත. එසේ කියන අයටද ඕ බැණ වැදුණාය.
“රෑට රෑට උඹේ ගෙදරට කොලු ගැටව් රිංගන බව ගමේ අය ඔක්කොම දන්නවා. උඹ දැන් තලස්තෑනි ගෑනියක්නේ. උඹේ මිනිහත් උඹව අත්හැරලා ගියේ ඔය නොහොබිනා වැඩ නිසා . දැන්වත් ඔය ‘පාදඩකම්’ කරන එක නවත්තපන්.“
නිර්මලාගේ ඥාතියකු වන ගිරිගෝරිස් අයියා නිර්මලාට කීප විටක්ම එසේ කියමින් අවවාද කරන්නේ ඔය අතරය.
“අනේ ගිරිගෝරිස් උඹට මොකද මම කොහොම හිටියහම. උඹේ වැඩක් බලාගනින්“ යැයි නිර්මලා ගිරිගෝරිස් අයියාට බැණ වැදුණාය.
“උඹ ඉතින් කවදාහරි කාගෙන් හරි මට්ටු වෙනවා යැයි“ කී ගිරිගෝරිස් එතැනින් යන්නට ගියේ නිර්මලාට හිතෙන් බැණ වදිමිනි.
දිනක් උදැසන නිර්මලාගේ වෙළෙඳ සැලට ගිරිගෝරිස් අයියා පාන් ගෝඩියක් ගෙන යෑමට පැමිණියේය. ඒ වනවිටත් වෙළෙඳ සැල වසා දමා තිබිණි. ගිරිගෝරිස් මහ හයියෙන් නිර්මලාට කතා කළේය. කිසිම ශබ්දයක් නැත.
“මේකිට මොනවා වේලාද?“ එසේ සිතමින් ගිරිගෝරිස් අයියා නිර්මලාගේ වෙළෙඳ සැල වටා කැරකුණේය. ඔහු පිටුපස දොර ඇර එබි බැලුවේය. නිර්මලා ඇඳ මත වැතිරී සිටියාය. අල්මාරියේ තිබු රෙදි තැනිත් තැන විසිරි තිබිණි. ගිරිගෝරිස් අයියා නිර්මලාගේ ඇඟට අත තබා ඇයට කථා කළේය. ඒ වනවිටත් නිර්මලාගේ සිරුර සීතල වි තිබිණි.
‘නිර්මලා මැරිලා.‘ මේ කථාව ගම්මුන් අතර පැතිරි යන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. ගම්මුන්ද නිර්මලාගේ නිවස අසලට එක් රොක් වුහ. මේ ගැන පොලිසියට දැන්වීමට ද කටයුතු කැරිණි. නිර්මලාගේ මරණය අබිරහසක් බව ගම්මුන් කතා වූහ. නිර්මලා කිසිවෙකු විසින් මරා දැමුවාද නැතිනම් ඇයට තිබු රෝගී තත්ත්වයක් නිසා ඇය මියගියාද යන්න කාටත් ප්‍රශ්නයක් විය. නිර්මලාගේ සිරුරේ කිසිම තුවාලයක සලකුණක් හෝ දක්නට නොවිය.
පොලිසිය පළාතේ මහේස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් නියෝගයකට අනුව නිර්මලාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන එනු ලැබිය.
පශ්චාත් මරණ පරික්ෂණය පවත්වනු ලැබුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ජානකි වරුෂාහැන්නදි මහත්මිය විසිනි. ඇය නිර්මලාගේ සිරුර අභ්‍යන්තරය පරික්ෂා කළාය. නිර්මලාගේ ගෙළෙහි යම් සලකුණක් තිබෙන අයුරු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනියගේ නිරීක්ෂණයට ලක්විය. සෙන්ටිමීටර් දෙකයි දශම පහක පමණ පළලකින් යුත් නූලක් වැනි දෙයකින් නිර්මලාගේ ගෙළ වටා සලකුණු වි තිබිණි. අධිකරණ වෛද්‍යවරිය විසින් මෙම සලකුණු ඉතා සියුම් ලෙස පරීක්ෂා කරනු ලැබුවාය. ඇය මරා දමා ඇත්තේ ගෙළ සිරකොට හුස්ම හිර කිරීමෙන් බව කිසිදු සැකයකින් තොරව අධිකරණ වෛද්‍යවරිය නිගමනය කළාය.
ඊළඟ ප්රශ්නය වුයේ ගෙළ සිර කිරිම සඳහා යොදාගත්තේ කුමක්ද යන්නයි. විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය සිද්ධිය වු ස්ථානයට ගොස් ස්ථානීය පරික්ෂණයක්ද සිදු කළාය. ඇය නිදා සිටි ඇඳ අසල කුඩා ප්‍රමාණයේ රෙඩියෝවක් තිබිණි. රේඩියෝවේ වයර් ඒ මේ අත විසිරී තිබූ අතර රේඩියෝවද බිම වැටි තිබිණි.
ගෙළ වටා ඇති සලකුණත් මෙකී වයරයත් අධිකරණ වෛද්‍යවරියගේ දැඩි පරික්ෂාවට ලක්විය. එහි හැඩය සහ පළල අනුව ගෙළ සිර කිරීම සඳහා යොදාගෙන තිබුණේ රේඩියෝවේ වයරය බවට අධිකරණ වෛද්‍යවරිය තහවුරු කරගත්තාය.
ඉන්පසු අධිකරණ වෛද්‍ය නිලධාරිනිය නිර්මලාගේ යෝනි මාර්ගය ද පරීක්ෂා කළාය. එහි ශුක්‍රාණු දක්නට තිබු අතර ඇය මියයාමට පෙර සංසර්ගයේ යෙදී ඇති බවද ඉන් තහවුරු කරගත්තාය.
ඉන්පසු පොලිසිය විසින් ඝාතකයන් සොයා පරික්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබිය. එම ඝාතනයේ තොරතුරු පසුව අනාවරණය විය. නිර්මලා පුද්ගලයන් කීප දෙනෙකු සමඟ අනියම් සබඳතා පවත්වන බව මුලදී මෙහි සඳහන් කළේය.
දිනක් රාත්‍රීයේ නිර්මලාගේ නිවස තුළට නාඹර යොවුන් වියේ පසුවු කොලු ගැටව් දෙදෙනෙකු ඇතුළු වුහ. ඔවුන් පැමිණියේ ද නිර්මලාගේ ඉල්ලීමකට අනුවය. මේ කොලු ගැටව් දෙදෙනා නිවසට ඇතුළු වන අයුරු ගම්මුන්ද දැක තිබිණි. එහෙත් ඔවුන් ඒ ගැන වැඩි තැකීමක් කොට නැත. මක්නිසාද යත් නිර්මලාගේ නිවසට රාත්‍රී කාලයට ගැටවරයන් රිංගීම සාමාන්‍ය දෙයක් වූ හෙයිනි.
නිවසට ඇතුළුවු ගැටවරයින් දෙදෙනා නිර්මලා සමඟ වරින් වර සංසර්ගයේ යෙදුණි. ඉන් පසු නිර්මලාගෙන් මේ ගැටව් දෙදෙනා මුදල් ඉල්ලා සිටියහ.
“නිර්මලා අක්කේ අපට රුපියල් දාහක් ඕන.“ එක් ගැටවරයකු කිවේය.
“කොහේ තියෙන සල්ලිද…“ නිර්මලා නොරිස්සුම් ලෙස කිවාය.
ඉන්පසු මෙම ගැටවරයින් දෙදෙනා නිර්මලාගේ අල්මාරිය අවුස්සමින් නිර්මලාට තර්ජනය කරන්නට වුහ.
“මොනවද උඹලා කරන්නේ මගේ අල්මාරියට අත තියන්නේ නැහැ.” නිර්මලා කොලු ගැටවුන්ට තර්ජනය කළාය.
මේ සම්බන්ධයෙන් නිර්මලා සහ ගැටවරයින් දෙදෙනා අතර ඇතිවු බහින්බස් විම දුරදිග යන්නට වැඩි වේලාවක් ගත වුයේ නැත. අනතුරුව මේ ගැටව් දෙදෙනා නිර්මලාගේ ඇඳ අසල තිබු රේඩියෝවේ වයරය ගලවා ගනු ලැබූහ.
“උඹලා මොනවද මේ කරන්න හදන්නේ “ එලෙස අසමින් නිර්මලා විලාප දෙන්නට වූවාය. එක් ගැටවරයකු නිර්මලාගේ දෑත් අල්ලා ගනු ලැබිය. අනික් ගැටවරයා නිර්මලාගේ ගෙළට රේඩියෝ වයරය දමා තද කළේය. මොවුන් නිර්මලාගේ ගෙළ සිරකොට මරා දමා අල්මාරියේ තිබු මුදල් ද රැගෙන පලා ගියහ.
කිසිම අපරාධකරුවෙකුට අපරාධයක් කොට සැඟවිය සිටිය නොහැකිය. අපරාධයක් කාලයේ වැලි තලාවෙන් වැසි යන්නේ ද නැත. ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා පොලිසිය විසින් කොටුකර ගනු ලැබිය. ඉන්පසු මොවුන් දෙදෙනා අකුරක් නෑර සියල්ල පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කරනු ලැබූහ.
සමාජයේ අසම්මත හැසිරීම් රටා තියෙන කාන්තාවන් කෙතරම් අනාරක්ෂිතද ? වැරදි හැසිරීම් නිසා තමයි මේ තත්ත්වයට පත්වන්නේ. අසම්මත ලෙස සම්බන්ධකම් පවත්වන අය තර්ජනයට, පහරදිම්වලට හා මරා දැමීම යන අවස්ථාවන්ට ගොදුරු වීමේ හැකියාවන් වැඩියි. ඒ අය අනාරක්ෂිතයි. මෙය අසම්මත සම්බන්ධකම් පවත්වන අයට හොඳ පාඩමක් බැව් විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය සඳහන් කළාය.
උපුටා ගැනීම
ගාල්ල කරාපිටිය
වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි, මහාචාර්ය
ජානකී වරුෂාහැන්නදි