තරු ගොසිප්

නිරුපිකාවක්, චිත්‍ර ශිල්පිණියක්, මෝස්තර නිර්මාණ ශිල්පිණියක් වී කොළඹ පුරපති අසුනට සැරසෙන කවුද මේ ව්‍රායි කැලී බල්තසාර් ?

කොළඹ පුරපති පුටුව කාටද කියන එක මේ වෙද්දි කවුරුත් මඟබලාගෙන ඉන්න කාරණයක්.

ඒ අතර කාගෙත් අවදානය දිනාගෙන ඇති චරිතය, මෙවර ජාතික ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූර අපේක්ෂිකාව ලෙස තරඟ කළ ව්‍රායි කැලී බල්තසාර් කිව්වොත් හරි.

සමාජ මාධ්‍ය තුළත් ඈ ගැන ලොකු කතාබහක් දක්නට ලැබෙනවා.

ඇගේ නමත් වැඩි පිරිසකගේ කතාබහට ලක්වුණු කාරණාවක්.

ව්‍රායි කැලී බල්තසාර්, බර්ගර් ජාතිකයෙක්. ඇගේ පියා ක්‍රිස්තියානි බර්ගර්. මව සිංහල බෞද්ධ.

ඒ නිසාම ඇයට උරුමව ඇත්තේ බර්ගර් නමක්. “ව්‍රායි” කියන්නේ ප්‍රංශ භාෂාවෙන් “සත්‍ය” යන තේරුම දෙන වචනයක් බැව් ඈ වරෙක කියලා තිබුණා.

දේශපාලන ක්‍රියාකාරිනියක හැටියට මේ නම වඩාත් කතාබහට ලක්වුණාට, ව්‍රායි කියන්නෙ පර්යේෂිකාවක් සහ කලාවට ලැදි කලාවත් එක්ක ගැවසෙන චරිතයක් කිව්වොත් හරි.

කසුන් කල්හාරගේ “මත් මල් සේනා…” ගීයෙහි Official Music Video එකේ නිරූපිකාව විදියට නිරූපණයෙන් එක්ව සිටින්නේත් ඇයයි.

ඒ වගේම ව්‍රායි දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ද වෙනවා. ඇගේ පළමු උපාධියත් මෝස්තර නිර්මාණකරණය පිළිබඳවයි.

ඒ වගේම චිත්‍ර කලාවටත් උපන් හපන්කම් ඇති ඈ, අපූරු චිත්‍ර ශිල්පිනියක් ද වනවා.
ගෙවුණු කාලයේ ඇය “පාරාදීසයේ කුරුල්ලෝ ( )” මැයෙන් අපූරු චිත්‍ර ප්‍රදර්ශනයක් ද පවත්වනු ලැබුවා.

ව්‍රායි කියන විදියට ඇය චිත්‍ර කලාව තෝරාගන්නේ මානසික නිදහස වෙනුවෙන්.

ඇගේ චිත්‍ර කලාව තුළත්, ‘කුරුළු චිත්‍ර’ හරි විශේෂයි. ඒ නිසාමයි ඇයගේ මංගල චිත්‍ර ප්‍රදර්ශනයත් කුරුල්ලන් වෙනුවෙන් වෙන්වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!