තරු ගොසිප්
බොහෝ දෙනාගේ සුබපැතුම් ලබමින් අලුත් ජීවිතයක් ඇරඹූ රුක්ෂානා දිසානායක… බලන්නකෝ ඒ දෙන්නගේ ආදරණිය මොහොත කොයිතරම් නම් සුන්දරද කියලා…

කලා ලෝකයේ කොයි කාගේත් ආදරය දිනාගත් ආදරණීය රංගන ශිල්පිනියක් තමයි රුක්ෂානා දිසානායක කියලා කියන්නේ.
රසිකයන්ගේ හදවත් තුළ විශේෂ තැනක් හිමි කරගත් ඇය පිළිබඳව මේ වන විට සුබ ආරංචියක් සමඟින් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබෙනවා.
ඔන්න ඉතින් ඇයගේ නිල මුහුණු පොතේ සුවිශේෂී ඡායාරූපයක් දකින්නට ලැබුණා.
ඒ, ඇය සිය ආදරවන්තයා සමඟ විවාහ වූ ඒ සුන්දර මොහොතේ ගත් ඡායාරූපයක් ඇය සිය මුහුණු පොතට එකතු කර තිබීමත් සමඟයි. සිය ජීවිතයේ අලුත්ම පිටුවක් පෙරළමින්, ආදරණීය සහකරු සමඟ එක්වූ ඒ අපූරු මොහොත රසිකයන් සමඟ බෙදාගන්නට ඇය කටයුතු කර තිබුණා.
මේ සුන්දර අලුත් ජීවිත ආරම්භය වෙනුවෙන් කලා ලෝකයේ බොහෝ දෙනෙක් මෙන්ම රසික රසිකාවියන් රැසක් ද ඇයට සිය උණුසුම් සුබපැතුම් එකතු කර තිබෙන අයුරු දැකගන්නට ලැබුණා.



