Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

පසුගියදා යුග දිවියට පිවිසි ගයාන් හදිසියේම පැවිදි බිමට…? මොකද්ද මේ කතාව…

ගයාන් ගුණවර්ධන කියන නම සංගීතයට වඩාත් සමීප වුණාට මොකද, රංගනය තුළත් මේ නම හරිම හුරුපුරුදුයි.

ඒ නිසාම ගයාන් ගුණවර්ධන කියන සංගීත ශිල්පියාට සේ ම රංගන ශිල්පියාට ආදරේ කරන රසික පිරිසකුත් මේ වෙද්දි නිර්මාණයව අවසන්.

ඔහුට ආදරේ කරන කවුරුත් මග බලාගෙන ඉන්නෙ, ඊළඟට ඔහුව දකින්න ලැබෙන නිර්මාණය මොකක් වෙයිද කියන එක ගැන.

ඔන්න එහෙම බලාගෙන ඉන්න කාටත් සුබ ආරංචියක්, ගයාන් සිය මුහුණ පොත ඔස්සේ අරන් ඇවිත් තිබුණා.

ඒ, දුටු සැනින් ඇස් මවිත වෙන සේයා රුවක් ද එක්කම.

ඔහු තබන ලද සටහනට අනුව, නුදුරේදීම ගයාන් ගුණවර්ධන ඔබ හමුවට එන්න නියමිතව ඇත්තේ තරුණ යතිවරයෙක් හැටියට. චරිතය ‘රාහුල හිමි’

නිර්මාණයේ නම “සාධී”

“සාධී” රිදී තිරයට එක්වීමට නියමිත, සුවිනීතා වීරසිංහගේ කුලුඳුල් සිනමා නිර්මාණය හැටියට.

චිත්‍රපටය සඳහා සුවිනීතා වීරසිංහ (සුමේධා), ගයාන් ගුණවර්ධන (රාහුල හිමි), විල්මන් සිරිමාන්න (නායක හිමි), දමිත්‍රි සුභසිංහ (විද්‍යා), හෂිනිකා කරලියැද්ද (ජයවතී), පූර්ණිම හසරංග (පූර්ණ), දෙව්නෙත් පහන්සිළු වික්‍රමසේකර (ළමා නළු) ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් දායකවනු ඇති.

Channel E

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!