Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
සයුරෙන් එහා පුවත්

ඉතාලියේ දේවස්ථානයක් තුළ කලාකරුවෙක් කළ අපූරු වැඩක්…. මරියතුමියගේ සිතුවම යටින් මතු වූ ඒ ඡායාරූපය ලෝකයම අවධානය දිනා ගනියි…

ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් අන්ත අසරණ වී සිටින මව්වරුන්ගේ සහ දරුවන්ගේ දුක්බර වේදනාව මුළු ලෝකයාගේම අවධානයට ලක් කිරීම සඳහා ඉතාලි ජාතික ප්‍රසිද්ධ කලාකරුවෙක් සහ ඡායාරූප ශිල්පියෙකු වන එඩුවාඩෝ කැස්ටල්ඩෝ (Eduardo Castaldo) විසින් ඉතා සංවේදී කලා ව්‍යාපෘතියක් එළිදක්වා තිබෙනවා.

“ගාසාහි ශුද්ධ වූ මව්වරු” (Holy Mothers of Gaza) නමින් නම් කර ඇති මෙම අපූරු කලා නිර්මාණය පසුගියදා (2026 නොවැම්බර් 11) ඉතාලියේ නේපල්ස් (Naples) නුවර පිහිටි ඓතිහාසික පැපකෝඩා දේවස්ථානයේදී (Pappacoda Chapel) ප්‍රදර්ශනයට තබා තිබුණා.
මෙම ප්‍රදර්ශනයේදී දැකගත හැකි වූ වඩාත්ම සංවේදී සිදුවීම වූයේ, කලාකරුවා විසින් ළදරු ජේසුස් වහන්සේ වඩාගෙන සිටින කන්‍යා මරියතුමියගේ සාම්ප්‍රදායික සිතුවමක කොටසක් සිය අතින්ම ඉරා ඉවත් කිරීමයි. එහිදී එම සිතුවමට යටින් සැඟවී තිබී මතු වී ආවේ ගාසා තීරයේ කුරිරු යුද විනාශය මධ්‍යයේ තම කුඩා දරුවාව තුරුළු කරගෙන සිටින පලස්තීන මවකගේ සැබෑ ඡායාරූපයකි…
මෙම අතිශය සංවේදී ඡායාරූපය මුලින් ලබාගෙන තිබුණේ පලස්තීන ඡායාරූප මාධ්‍යවේදී ඔමාර් එල් කට්ටා (Omar El Qattaa) විසින් ගාසා යුද බිමෙන් වීම විශේෂත්වයක්.
නේපල්ස් නගරයේ දේවස්ථාන සහ ඓතිහාසික වීදි පුරා ප්‍රදර්ශනය කෙරෙන කලා නිර්මාණ 20කින් සමන්විත පුළුල් ව්‍යාපෘතියක එක් කොටසක් ලෙසයි මෙය ක්‍රියාත්මක කර ඇත්තේ. මව් සෙනෙහස සහ දරුවන් වෙනුවෙන් මවක් විඳින වේදනාව කියන්නේ ආගමික, ජාතික හෝ දේශසීමා භේදයකින් තොරව මුළුමහත් ලෝකයටම පොදු වූ විශ්වීය හැඟීමක් බව ප්‍රේක්ෂකයාට සිහිපත් කර දීම මෙම කලාකරුවාගේ එකම අරමුණ වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!