Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

නොරොච්චෝලේ ජනක යන්ත්‍ර 03ක් තවමත් අක්‍රීයයි – අදත් පැයක විදුලි කප්පාදුවක්

අද (20) දිනයේදීත් පස්වරු 4:30 සිට රාත්‍රී 8:30 දක්වා කාලය තුළ රට කලාප හතරකට බෙදා, එක් එක් කලාපය සඳහා පැයක කාලයක් බැගින් විදුලි සැපයුම කළමනාකරණය කිරීමට පියවර ගන්නා බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම ප්‍රකාශ කරනවා.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ඇති විදුලි ජනක යන්ත්‍රවලින් එකක් අනිද්දා වන විට නැවත පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බවයි එම සමාගම පවසන්නේ.

ඒ අනුව, ඊයේ (19), අද (20) සහ හෙට (21) යන දින තුන තුළ දී දිවයින පුරා කලාප හතරක් යටතේ පැයක කාලයක් බැගින් විදුලි සැපයුම කළමනාකරණය කෙරෙනවා.

නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර තුනක් අක්‍රිය වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට අහිමි වී ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 810ක්.

එබැවින්, ජාතික විදුලි පද්ධතියට අවශ්‍ය මෙගාවොට් ධාරිතාව සපුරාලීම සහ පද්ධතියේ සමබරතාව පවත්වාගෙන යාම සඳහා විදුලි සැපයුම කළමනාකරණය කිරීමට මෙලෙස පියවර ගෙන තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!