Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

සීතල නුවරඑළියේ ලියවුණු අමිහිරි ආදර කතාව… පෙම්වතා අතුරුදන් වෙද්දී කබානාවක් ඇතුළේ අවසන් ගමන් ගිය පියුමි.

සීතල නුවරඑළියේ සුන්දරත්වය විඳින්න ආදරෙන් ගියපු ගමනක් අවසන් වුණේ කාගේත් හදවත් කම්පා කරවන මහා ඛේදවාචකයකින්. නුවරඑළිය, මාගස්තොට ප්‍රදේශයේ සංචාරක කබානාවක් ඇතුළේදී තරුණියක්ව ඝාතනය කරලා තියෙන පුවතක් මේ වෙද්දී මුළු රටේම කතාබහට ලක්වෙලා තියෙනවා.

මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීලා තියෙන්නේ අම්පාර ප්‍රදේශයේ පදිංචිවෙලා හිටපු 27 හැවිරිදි පියුමි දිල්ශානි කියන තරුණියයි. වාර්තා වෙන විදිහට පියුමි ඇගේ පෙම්වතා එක්ක පහුගිය 07 වැනිදා තමයි මුදල් ගෙවලා මේ කබානාව වෙන් කරගෙන තියෙන්නේ.
දවස් කිහිපයක් කබානාව ඇතුළේ ගෙවුණු මේ ගමනට අද (10) උදෑසන වෙද්දී අත්වුණේ කවුරුත් හිතපු නැති ඛේදනීය අවසානයක්.
අද උදෑසන කබානාවේ අයිතිකරු දකින්නේ කබානාව ඇතුළේ තුවාල සහිතව වැටී සිටින පියුමිගේ නිසල සිරුරයි. වහාම ඔහු මේ ගැන නුවරඑළිය පොලිසියට දැනුම් දීලා තියෙනවා. ඒත් එක්කම හැමෝටම ආපු ලොකුම ප්‍රශ්නය වුණේ “එකට ආපු පෙම්වතා කෝ?” කියන එකයි.
පියුමිව මේ විදිහට ඝාතනය කරලා ඇගේ පෙම්වතා ඒ වෙද්දිත් ප්‍රදේශයෙන් පලාගිහින් අවසන්.
නුවරඑළිය තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන මේ සැකකාර පෙම්වතාව අත්අඩංගුවට ගන්න නුවරඑළිය පොලිසිය මේ වෙද්දීත් පුළුල් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා.
පියුමිගේ මළ සිරුර නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන්නයි පොලිසිය කටයුතු කරලා තියෙන්නේ.
විශ්වාස කරලා ගිය ආදරේ ඇතුළේ මේ විදිහට අමානුෂිකව ජීවිතෙන් සමුගන්න වුණු පියුමිට ඉක්මනින්ම යුක්තිය ඉටු වෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!