සේදී ගොස් ඇති අභිමානය යාන්තමින් හෝ රැකගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව අද අවසන් 20-20 තරගයට…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද (13) රාවල්පින්ඩි හිදී පැවැත්වෙනවා.
මේ වනවිටත් පළමු තරග දෙක ජයගෙන තරගාවලියේ ශූරතාව දිනාගෙන සිටින පාකිස්ථානය කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සමඟ අද තරගයට පිවිසෙනු ඇති බවයි පාකිස්ථානයෙන් තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර ඉරිදා පැවති තරගයේදී මහීෂ් තීක්ෂණට එරෙහිව ප්‍රතිවාදී පාකිස්ථාන පිතිකරුවන් සාර්ථකව ලකුණු රැස් කළ බැවින්, පා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත්ව අත්හදා බැලීමට අද දිනයේ වැඩි හැකියාවක් පවතිනවා.
එමෙන්ම යෝග්‍යතා මට්ටම සතුටුදායක නම් දුෂ්මන්ත චමීර ද නැවත කණ්ඩායමට එක්වීමේ වැඩි අවස්ථාවක් පවතින බවටයි තොරතුරු වාර්තා වුණේ.
පළමු තරග දෙක පරාජය වී සිටින ශ්‍රී ලංකාව සිය අභිමානය රැකගෙන පූර්ණ තරගාවලි පාරජයකින් බේරීමේ අරමුණින් අද තරගය සඳහා පිවිසෙනු ඇති.
ශ්‍රී ලංකාව් සමඟ පැවති පළමු තරගය පාකිස්ථානය කඩුලු 04කින් ජයගත් අතර දෙවන තරගය ලකුණු 84කින් ජය ගැනීමට සමත් වුණා.
මේ අතර පිතිකරණයට හිතකර තණතීරුවක් වන රාවල්පින්ඩි තණතීරුව, අද තරගයේ දී විශාල ලකුණු ප්‍රමාණයක් රැස්කළ හැකි තණතීරුවක් හිමිවනු ඇති බවයි විචාරකයින්ගේ අදහස වී ඇත්තේ.



