Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

පානදුරේ දී ව්‍යාපාරිකයෙක් පැහැරගෙන පැහැරගත් ව්‍යාපාරිකයා සොහොනක් ළඟ දමා ගිහින්…

පානදුර, වලාන, මහනාම මාවත ප්‍රදේශයේ දී පැහැර ගැනීමකට ලක්වූ ව්‍යාපාරිකයෙක් මිනුවම්පිටිය පොදු සුසාන භූමිය අසල දමා ගොස් සිටිය දී හමුව තිබෙනවා.

සොයාගත් ව්‍යාපාරිකයා මේ වන විට ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වර්තා වුණේ.

මෙම පුද්ගලයා ඊයේ (29) රාත්‍රී 10ට පමණ සිය මොර්ටර් රථයෙන් ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟ නිවස වෙත ගමන් කරමින් සිටිය දී පැහැරගෙන ගොස් ඇති බවයි.

තවත් මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමකින් විසින් ඔහු ලුහුබැඳ ගොස් ව්‍යාපාරිකයාගේ වාහනයට පහරදී වීදුරු කඩා මෙම පැහැර ගැනීම සිදුකර තිබුණා.

අදාළ කණ්ඩායම ව්‍යාපාරිකයාව පැහැරගැනීමට උත්සාහ කිරීමේ දී ව්‍යාපාරිකයා සිය මෝටර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර, එහිදී මෝටර් රථය මාර්ගයේ තිබූ කාණුවකට වැටී තිබෙනවා.

මෙම සිද්ධියෙන් ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනාට කිසිදු හානියක් සිදුව නොමැති අතර, බිරිඳ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

මෙම පැහැරගැනීම ව්‍යාපාරිකයාගේ ඥාති පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බවට මේ වන විටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!