Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
ක්‍රීඩා පුවත්දේශීය පුවත්

“චාමික කරැණාරත්න තමයි මේ බබාගේ තාත්තා” – තරුණියක් දරුවෙක් එක්ක උසාවි ඇවිත් කියයි.

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව ගොනු කර පීතෲත්වය පිළිබඳ ඇති නඩුව දෙසැම්බර් 08 වනදා යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් දයාරත්න මහතා අද දින නියම කළේය.

මෙම නඩුව ගොනු කර ඇති තරුණිය පවසන්නේ චාමික කරුණාරත්න විවාහ වන බවට පොරොන්දු වී තමා සමඟ සබඳතාවක් පැවැත්වූ බවත්, ඔහුට දාව තමාට දරුවෙකු සිටින බවත්ය.

කෙසේ වෙතත්, පසුව ඔහු තමන් සහ දරුවා අතහැර දමා ඇති බව ඇය චෝදනා කරයි.

ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ ඔහු තමන් සමඟ විවාහ විය යුතු බව හෝ එසේ නොහැකි නම් දරුවාගේ නඩත්තුව සඳහා මුදල් ගෙවිය යුතු බවයි.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේ චාමික කරුණාරත්න අධිකරණයට පැමිණ නොසිටි අතර, ඔහු අසනීප වී ඇති බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!