Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

ඔන්න, එයාම ආපහු ඇවිත් හිතට දුන්න ගින්න නිවා දැම්මා! එයාලාගේ ගෙදර ඉන්න පුංචි රස්තියාදුකාරයා ආයෙත් ගෙදර ඇවිත්..

කමල් අද්දර ආරච්චි කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන චරිතයක්.

ඔහුගේ සමාජමාධ්‍යත් එක්ක බොහෝ දෙනෙක් බොහෝවිට එකතු වෙලා ඉන්නවා කියන කාරණය නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.

ඒ නිසාම මේ පණිවිඩය ඔහුට දෙන්න හොඳම මාර්ගයත් මේ සමාජමාධ්‍ය කියලා කමල් හිතන්න ඇති. කොහොම වුණත් එයාලාගේ ගෙදර ඉන්න සුරතල් පූස් පැටියා ඊයේ අතුරුදන් වී ඇති බවට කමල් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරලා තිබුණා.

ඊට කමල්ගේ රසිකයින්ගෙන් ප්‍රතිචාර ගලා එද්දී නැවතන්ත් මේ සුරතලා නිවසට ඇවිල්ලා. ඉතින් තමන් වෙනුවෙන් එක්වුණු රසිකයින්ට ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න මේ ප්‍රවීණ ශිල්පියා අමතක කරලා තිබුණේ නැහැ..

ඔහු ඒ වෙනුවෙන් වීඩියෝවක් වගේම මෙන්න මේ වගේ සටහනකුත් එක්කරලා තිබුණා.

“පොඩි දරුවෙකු ජනාකීර්ණ ස්ථානයක මඟ හැරීගිය බවක් දැණුනු විටෙක ඇතිවන තැතිගැන්මක් අසහනකාරී බවක් මේ මාස 4ක සුරතලාගේ අතුරුදහන්වීමෙන් අප හැමදෙනාම කලබලයටත් දැඩි කනගාටුවකටත් පත් කළා.
ඔන්න, එයාම ආපහු ඇවිත් හිතට දුන්න ගින්න නිවා දැම්මා!
යංතං දැං හිතට නිවනක් සතුටක් දැනෙනවා!”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!