තරු ගොසිප්

“‘අලුත් වෙනසක් එක්ක පොඩි සෙල්ලමක්..’ තරින්දිගේ අලුත් පෙනුමට සමාජ මාධ්‍යයේ අවධානය..

අපේ සමාජය තුළ තවමත් සාම්ප්‍රදායික විලාසිතා වලට වැඩි ප්‍රමුඛතාවයක් දෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා තරමක් වෙනස් හෝ අලුත් ආකාරයේ විලාසිතා බොහෝ වෙලාවට විවේචනයට ලක් වෙන අවස්ථාත් තියෙනවා. එහෙත් විලාසිතාව කියන්නේ තමන්ගේ පෞරුෂය ප්‍රකාශ කරන එකක් කියලා විශ්වාස කරන තරුණ පිරිසක් ද අද සමාජයේ වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම තමන් කැමති විලාසිතාව කරන්න බිය නොවන අයත් අතර අතරින් හමුවෙනවා.

එවැනි වෙනස් විලාසිතා නිර්මාණය කරමින් කාගේත් අවධානය දිනාගන්න තරුණියක් ලෙස තරින්දි ප්‍රනාන්දු ගැන කතා කළ හැකියි. මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ඇය නිතරම අලුත්ම විලාසිතා අත්හදා බලමින් වෙනස්ම පෙනුමක් නිර්මාණය කරන කෙනෙක් ලෙසත් හැඳින්විය හැකියි.

මෙවරත් ඇය සමාජ මාධ්‍ය හරහා බෙදාගෙන තිබුණේ අලුත්ම කොණ්ඩ විලාසිතාවක්. “අලුත් Hair Style එකත් එක්ක පොඩි සෙල්ලමක්” කියන සටහනක් එක්ක ඇය එය හුවමාරු කර තිබුණා. ඒ කොණ්ඩ විලාසිතාව ඇයට විශේෂ ලස්සනක් එකතු කරලා තිබුණා කියලා බොහෝ දෙනා අදහස් දක්වමින් සිටිනවා.

ඇත්තටම ඒ වෙනසත් එක්ක ඇයගේ පෙනුම තවත් ආකර්ෂණීය වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසාම ඒ ඡායාරූප දැකපු බොහෝ දෙනාට ඇයගෙන් නෙත් අහකට ගන්න හිතෙන්නේ නැති තරම් ලස්සනක් ඒ විලාසිතාවට එකතු වෙලා තිබුණා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!