
නිවාඩුවක් ගත කරන්න නුවරඑළියට ගියපු වෙලාවක තමන්ගේ වටිනා කියන හැමදේම තියෙන අත්බෑගය නැතිවුණොත් දැනෙන හැඟීම කොහොමද?
අන්න ඒ වගේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ලාංකික ශිෂ්‍යාවකට සිද්ධ වෙලා.
දීපාවලී උත්සවය වෙනුවෙන් ලංකාවට ආපු හැටන් ප්‍රදේශයේ පදිංචි මේ ශිෂ්‍යාව, පහුගිය 09 වෙනිදා පවුලේ අයත් එක්ක නුවරඑළියේ සංචාරයක් ගිහින්. නුවරඑළිය නගර මධ්‍යයේ තියෙන ආපනශාලාවකින් කෑම කාලා පිටවෙද්දී, ඇයට අමතක වෙලා ඇගේ අත්බෑගය පුටු ඇන්දක දාලා ගිහින්.
පස්සේ දවසේ මේ ගැන හොයන්න ආපනශාලාවට ගිහින් CCTV බලද්දී තමයි දැකලා තියෙන්නේ, එතනට ආපු වෙනත් කාන්තාවක් බොහොම සූක්ෂම විදියට මේ බෑග් එක අරගෙන යන හැටි!
මේ බෑග් එකේ තිබිලා තියෙන්නේ සාමාන්‍ය දේවල් නෙවෙයි. ඇයගේ ලංකාවේ හැඳුනුම්පත, බ්‍රිතාන්‍ය බැංකු කාඩ්පත්, වීසා කාඩ්පත, විශ්වවිද්‍යාල හැඳුනුම්පත් වගේම ස්ටර්ලින් පවුම් 50ක මුදලකුත් ඒකෙ තිබිලා තියෙනවා.
කොහොම වුණත් මේ සිසුවිය, අර බෑග් එක අරන් ගිය කාන්තාවගෙන් සංවේදී ඉල්ලීමක් කරනවා. ඇයට ආයෙමත් ඉක්මනින්ම බ්‍රිතාන්‍යයට යන්න තියෙන නිසා මේ වීසා ඇතුළු ලියකියවිලි ටික ඇයට ගොඩක් වැදගත්.
ඒ නිසා ඇය කියන්නේ, “මට බෑග් එකේ තිබ්බ සල්ලි ඕනේ නැහැ, වැරදීමකින් හරි ගත්තා නම් මගේ ලියකියවිලි ටික විතරක් නැවත භාර දෙන්න, එහෙම කළොත් මම පොලිස් පැමිණිල්ලත් අයින් කරගන්නවා” කියලයි.
දැන් මේ ගැන නුවරඑළිය පොලිසිය CCTV දර්ශනත් එක්කම විමර්ශන පටන් අරන්. මේ සැකකාර කාන්තාව ගැන දන්න කවුරුහරි ඉන්නවා නම් 071 859 1097 හෝ 052 2222 222 කියන හැටන් මූලස්ථාන පොලිසියේ අංකවලට දැනුම් දෙන්න කියලයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ. පව් නොදී ඒ ළමයාගේ ලියකියවිලි ටික විතරක් හරි ගෙනත් දුන්නොත් නේද හොඳ?


