Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

අද එහෙ හැමෝම සතුටින් ඇති. දේවතාවිය යළි වැඩි හින්දා… කොඩිතුවක්කු පවුලෙන් ඇසෙන අනුවේදනීය කතාව මෙන්න…

ජනප්‍රිය රංගන ශිල්පි කංචන කොඩිතුවක්කුගේ සහ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකා අරුණි කොඩිතුවක්කුගේ ආදරණීය මව, කාන්ති කොඩිතුවක්කු මහත්මිය  (06) දින අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට එම මහත්මිය 75 වැනි වියෙහි පසුවූවා.

කාන්ති කොඩිතුවක්කු මහත්මියගේ දේහය  (07) රාත්‍රී 7 සිට තලංගම මහින්ද පනාගොඩ අවමංගල්‍යය ආයතනයේ අරලිය ශාලාවේ තැන්පත් කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද උදෑසන 8 සිට සවස 4 වන තෙක් ද දේහය වෙනුවෙන් අවසන් ගෞරව දැක්විය හැකි බව සඳහන්.

අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු සහ ආගමික වතාවත් සවස 4.30ට සිදුකෙරෙන අතර සවස 5ට දේහය තලාහේන පොදු සුසාන භූමියේ දී ආදාහනය කෙරෙනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!