දේශීය පුවත්

ගුරුවරුන්ට අලුත් නීති – රජයෙන් අලුත් සැලැස්මක්?..

රජය විසින්, පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් එල්ල වන විවේචන සැලකිල්ලට ගනිමින්, එම ක්ෂේත්‍රය සඳහා විධිමත් නීතිමය රාමුවක් හඳුන්වා දීමට තීරණය කර ඇති බව තොරතුරු වාර්තා වේ.

මෙම විධිමත් නීතිමය රාමුව සදහා මූලික පියවරක් ලෙස, ඉදිරිපත් කර ඇති යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා නුදුරේදීම යොමු කිරීමට සූදානම් බව තොරතුරු වාර්තා වේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන ආකාරයට ඇතැම් ගුරුවරුන්ගේ අශෝභන හැසිරීම් සහ මෑතකදී ප්‍රවීණ ලේඛක මාර්ටින් වික්‍රමසිංහයන් වැනි සම්භාවනීය පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රසිද්ධ අපහාසාත්මක ප්‍රකාශයන් මෙම තීරණයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත.

ඒ අනුව, ශිෂ්‍ය ප්‍රජාවට සහ සංස්කෘතියට හානි වන අයුරින් කටයුතු කරන ගුරුවරුන් පාලනය කිරීම සඳහා දැඩි කොන්දේසි ඇතුළත් නව රීති පද්ධතියක් ඉදිරියේදී බලාත්මක වන බව සදහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!