තරු ගොසිප්

“හැම වෙලාවෙම හැම කෙනෙකුටම ඒ නිසි රැකවරණය ලැබෙන්නේ නැහැ…” තනිකඩ කාන්තාවන් ගැන රටක් ආදරේ කරන ඇ‍ය කී ඒ වෙනස්ම කතාව මෙන්න..

ඇය ගැන බොහෝ දෙනා කතා වෙනවා.. ඒ කාලයෙන් කාලයට ඇය කරන විවිධ කලා කටයුතු නිසා..

නදීෂා හේමමාලි, මේ දවස්වල ඇය ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ ඇය කරන වෙනස් වෙනස් විදිහේ ෆොටෝ ෂූට් නිසා කිව්වොත් හරි.. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ටික වෙනස් විදිහේ මාතෘකාවක් ගැන නදීෂා කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.. ඇය එකවරම ජීවිතේ ගැන මේ විදිහට හිතලා තියෙන්නේ ඇයි.. මේ ප්‍රශ්න කිහිපය දැක්කාම ඔබටත් එහෙම හිතේවි..

ජනප්‍රියවීම පෞද්ගලික ජීවිතයට බාධාවක්ද?

ඒක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස්. මට එහෙම ගැටලුවක් නැහැ. සෑම දෙයකම වාසි අවාසි තිබෙනවා. ජනප්‍රිය වීම ලොකු වාසනාවක්. ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි. නමුත් සමහර අවස්ථාවලදී ජනප්‍රියත්වය අපේ ජීවිතයට අවාසි වෙන අවස්ථා තිබෙනවා. ඒ සමහර තැන්වලදි අපේ පෞද්ගලිකත්වය නැතිවෙන නිසා.

ජනප්‍රිය වීම ලෙහෙසිද?

නැහැ. ජනතාවගෙන් ලැබෙන ආදරය සහ ජනතාවට ප්‍රිය බව තමයි ජනප්‍රියත්වය කියන්නේ. ප්‍රසිද්ධ වෙන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. නමුත් ජනතාවගේ ආදරය ලබන්න හැමෝටම වාසනාව නැහැ.

තනි කාන්තාවකට අද සමාජයේ නිසි රැකවරණයක් තිබෙනව කියල හිතනවද?

හැම වෙලාවෙම හැම කෙනෙකුටම ඒ නිසි රැකවරණය ලැබෙන්නේ නැහැ. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. අපිට එකිනෙකාට වෙනස් විදියේ සම්බන්ධතාවලින් රැකවරණය ලැබෙන්න පුළුවන්. අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, මිතුරු මිතුරියන් වගේ අයගෙන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!