Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
කතාන්දර

ජුන්ජෝන් රජු නොහොත් චංගුමී එකේ හිටපු රජතුමා ගැන ඔබ කවුරුත් නොදන්න කතාවක් මෙන්න…

මම අද කියන්නෙ ජුන්ජෝන් රජු එහෙම නැත්තම් සරල සිංහලෙන් කීවොත් චංගුමී එකේ හිටපු රජතුමා ගැන.
මේ චංගුමී එකේ හිටපු ජුන්ජෝන් රජුගෙ චරිතය තියන ටෙලිනාට්ය තුනක් ලංකාවෙ හඩ කවලම පෙන්නුවා.ඒවා තමයි සුජාත දියණිය මතක සිත්තම් සහ සූර්ය කුසුම.
හරි දැන් අපි බලමු කවුද මේ කාගෙ කවුද මොහු කින්ද මන්ද කියල.
ජෝසන් වල නම වෙනි රජු ඒ කියන්නෙ සොන්ජෝන් රජුගේ දෙවනි අගබිසව යුන් ජෙහොන් රැජිණව විස දීලා ඉන්සු මව් බිසව විසින් මරා දානවා.
මේ සිදුවීමෙන් පස්සෙ ඒ වෙද්දි රාජකීය උපබිසවක් උන යුන් චන් න්යොන් කියන ආර්යාව අගබිසව බවට පත් කරන්න අග බිසව බවට පත් කරන්න මව් බිසව ඇතුළු අභ්යන්තර මණ්ඩලය කටයුතු කරනවා.
මේ අලුත් යුන් අගබිසවට ඒ වෙද්දි එක දුවෙක් හිටියා.ඇය අගබිසව වෙලා අවුරුදු අටකට පස්සෙ පුතෙක්ට උපත දෙනවා.ඔහු ජින්සොන් කුමාරයා.
මෙන්න මේ ජින්සොන් කුමරු තමයි අපේ කතා නායකයා වෙන්නෙ.
ජින්සොන් කුමාරය කියන්නෙ අගබිසවගේ පුතා එතකොට ඔහුට කිරුළ වෙනුවෙන් සෘජු අයිතියක් තිබ්බත් ඒ වෙනකොටත් ඔහුගෙ අයියා පෙර සිටි අගබිසවගෙ පුතා හිටපු නිසා ජින්සොන්ව කිරුළහිමි කුමරු කියන තනතුරෙන් සැලකිය යුතු මට්ටමක් ඈතට විසි වෙනවා.
මේ කුමාරයගෙ ලමා කාලය ගැන තියන තොරතුරු බොහොම අල්පයි.
1495 දි සොන්ජෝන් රජු මිය යෑමත් එක්කලා ජින්සොන් ගෙ අයියා උන යී යුන් රජ වෙනවා.
අයියණ්ඩිට සිංහාසනය ලැබෙද්දි ජින්සොන් ට වයස අවුරුදු 7 යි.ඊට අවුරුදු හතරකට පස්සෙ ජින්සොන් කුමරුගෙ විවාහය සිදු කරන්න ඔහුහේ සොයුරා උන මහරජු කටයුතු කරනවා.
ජින්සොන් කුමරු විවාහ වෙන්නෙ තමන්ගෙ නෑනා ඒ කියන්නෙ අයියගෙ බිරිද උන ෂින් ජෙයින්වොන්දොක් රැජිණගෙ සහෝදරයගෙ දුවත් එක්ක.
මේ විවාහ මංගල්ල්ය ඇරෙන්න ජින්සොන් කුමරු ගැන සදහන් වෙන්නෙ ඊට වසරකට පස්සෙ කුමරු තමන්ගෙ බිරිදත් එක්කලා පෞද්ගලික නිවසකට ගිය තොරතුර.
ඒ කියන්නෙ කුමාරයා වර්ෂ 1500 දි මාලිගයෙන් පිට වෙලා යනවා නීති සහ සිරිත් වලට අනුකූලව, එතැන් පටන් අවුරුදු හයක් ඔහුට ගෙවන්න වෙන්නෙ නිහඩ සාමකාමී දිවියක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!