සයුරෙන් එහා පුවත්

” මට දිල්ලියට එන්න සල්ලි නැ.. ඒනිසා කරුණාකර සම්මානය තැපෑලෙන් එවන්න. ” පද්ම ශ්‍රී ලැබූ මනුසත් මෙහෙවරහි යෙදෙන විශ්මිත නිර්මාණකරුවෙක් ගැන ඇසෙන අමුතුම කතාව මෙන්න.

මේ ඉන්දියාවේ ඔදීෂා ප්‍රාන්තයේ කොස්ලි භාෂාව කතා කරන, ඇඳුම් ජෝඩු 03 ක, ගෙවීගිය රබර් සෙරෙප්පු ජෝඩුවක, පැරණි උපැස් යුවළක, ඉන්දීය රුපියල් 732 ක ගිණුමක් හිමි “හල්දාර් නාග්” නැමති අයයි.

එහෙත්, ඔහු වීර කාව්‍ය 20 ක් පමණ ලියා ඇති ප්‍රකට කවියෙකි. ඔහුගේ එම “හල්දාර් ග්‍රන්ථවාලි – 2” නැමති කාව්‍යයන්ගේ එකතුවක් සම්බල්පුර් විශ්ව විද්‍යාලයේ විෂය මාලාවේ කොටසක් බවට පත් කර ඇත.

ඒ නිසාවෙන්, “හල්දාර් නාග්” කවියාට මෙවර ඉන්දීය ඉහළම සම්මානය වන “පද්ම ශ්‍රී” සම්මානය හිමිවී ඇත.

පුදුමය නම්, ඔහු එකී සම්මාන මඬුල්ලට ලිපියක් යවමින් කියා ඇත්තේ..,

“මට දිල්ලියට එන්න මුදල් නෑ.! එනිසා, කරුණාකර සම්මානය තැපෑලෙන් එවන්න.”

කියාය.

මනුසත් මෙහෙවරෙහි යෙදෙන මෙවන් විශ්මිත නිර්මාණ කරුවන් දිළින්දන් බවට පත් වෙන්නේ, කවරනම් හේතුවක් නිසාද..?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!