පමාවී උත්සව ශාලාවට යන්න පිටත්වුණු මනාලියට නොසිතූ කරදරයක්.. මනාලිය මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියත්, රියැදුරුත් රෝහලේ..

ඇත්තටම ජීවිතයට විශේෂ වුණු මේ වගේ දවසකදී ගොඩක් සුපරික්ෂාකාරී වන්නට ඕන.. මේ ඇසෙන අන්න ඒ බව නැවත නැවතත් සිහිපත් කරන පුවතක්..
නැකත් වෙලාව පසුවීමට පෙරාතුව මනාලියක රැගෙන පිම්මේ ගිය මෝටර් රථයක්, බිංගිරිය නගරයේ හල්මිල්ලවැව ආසන්නයේ දී රියැදුරුට පාලනය කරගත නොහැකිව අනතුරකට පත්වී තිබෙනවා.
ඊයේ අලුයම 4.00 ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ මුන්දලම ප්‍රදේශයේ පිරිසක් බව පොලිසිය පවසන්නේ.
ඔවුන් මුන්දලම සිට හලාවත හරහා කුරුණෑගල බලා ගමන් කරමින් සිටියදී බිංගිරිය වැව අසල පාර මැද සිටි සුනඛයකු බේරීමට යෑමේ දී රැය පාරෙන් ඉවතට පැන ඇති බව රියැදුරු පවසා තිබුණා.
කෙසේ වුවද රෝහල් ගත කළ පිරිසගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෝටර් රථයට බරපතල හානි සිදුව ඇති අතර, බිංගිරිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වෙන්නේ..




