දේශීය පුවත්

අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කරයි !

2015 වසරේ පෙබරවාරි 27 වැනිදා සිදුවූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට හා අජාර් ගාර්දින් පුංචිහේවා යන සැකකරුවන්ට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිඛෙනවා.

එම සැකකරුවන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණද, එකී නියෝගය අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එකී බැඳුම්කර මිලදී ගැනීම මගින් රජයට රුපියල් මිලියන 600 කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!