තරු ගොසිප්

”ඩොක්ටර්ස්ලා දෙවිවරු වගේ. මගෙ කකුල ගොඩදාලා දුන්නා…” – එදා අතුරුගිරියේ සිද්ධියෙන් තුවාල ලැබූ කේ. සුජීවාගේ දැන් තත්ත්වය ගැන රටට කිව්වේ මෙහෙමයි.

”අම්මා මාස 8කට පස්සේ වැඩ කරන්න පටන් ගත්තා”

මේ සටහන දකින්න ලැබුණේ, ජනප්‍රිය ගායන ශිල්පිනි කේ. සුජීවා මහත්මියගේ දියණිය අංජලීගේ යූටියුබ් නාලිකාවෙන්.

කේ. සුජීවාට ආදරේ කරන කාටත්, මේ පණිවුඩය අතිශය සුබදායක එකක් වනවාට සැක නෑ.

මොකද, රටේම කතාබහට ලක්වුණු ‘අතුරුගිරිය වෙඩි තැබීමේ සිදුවීමෙන්’ ඇයට මුහුණපාන්න සිදුවුණේ සුළුපටු තත්ත්වයකට නෙවෙයි.

ටැටූ ආයතනයක් විවෘත කිරීමට සහභාගීව සිටියදී මුහුණපෑ අදාළ සිදුවීමෙන් ඇයගේ එක් පාදයකට බරපතල තුවාල සිදුවුණා.

කලක් කොළඹ ජාතික රෝහලෙත් පසුව පෞද්ගලික රෝහලකත් නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඇය, පසුව සිය දියණියන් දෙදෙනාගේ මහත් රැකවරණය මැද නිවසේ සිට ප්‍රතිකාර සඳහා යොමුව තිබුණා.

එයාකාරයෙන් ප්‍රතිකාර ලද ඇය මේ වන විට යළි සිය සුපුරුදු කාර්‍යයන් ආරම්භ කර ඇති බවයි ආරංචිය.

ඒ අනුව සිය රූපලාවණ්‍ය වැඩකටයුතු ආරම්භ කර ඇති කේ. සුජීවා, නුදුරේදීම නව ගීතයකින් ‍රසිකයින් හමුවට ද පැමිණෙනු ඇති.

ඇය මේ සුබ පණිවුඩය අරන් ඇවිත් තිබුණේ, ‘Anjali Rajkumar’ යූටියුබ් නාලිකාවේ වීඩියෝවකිනුයි…

”ඩොක්ටර්ස්ලව දකින්නෙ මම දෙවිවරු වගේ. ඒ, මේ ලෝකෙ ඉන්න දෙවිවරු. මගෙ කකුල ගොඩදාලා දුන්නා.
මට පඩිපෙළ නඟින්න, බහින්න පුළුවන් වෙනකොට මට හරි සතුටුයි.
අද මම මගේ පළවෙනි ක්ලයන්ට් ගත්තා. ඒකත් මට හරි සතුටුයි. මගේ ෆැමිලි එකට මම ස්තුතිවන්ත වෙනවා.
ගොඩක් පින්.. අම්මා කියලා එකක් නෑ, අම්මලා කොච්චර මහන්සි වෙලා ළමයි හැදුවත් බලන්නෙ නැති ළමයි කොච්චර ඉන්නවද.
මට වැඩිය එයාලා මේක ගැන දුක් වුණා. මට වැඩිය එයාලා මාව බැලුවා. ගොඩක් පින් එයාලට.
මං ගොඩක් පින්වන්තයි මෙහෙම දරුවො හම්බෙන්න. ඔයාලා ඔක්කොටම ගොඩක් පින්. ඉක්මනට අපි හම්බෙමු.පරණ විදියට ආයෙම සිංදු කියන්න, අලුත් සිංදුවක් හදන්න ,අලුත් ප්‍රඩක්ෂන් කරන්න, සැලොන් එකේ වැඩ කරන්න පුළුවන් කියලා මට හිතෙනවා.
මට එක කාලයක් තිබුණා මුකුත් කරන්න හිතුණෙ නැති.
දැන් ආයෙම මට ඒවා කරන්න හිතෙනවා.
ළඟදි සිංදුවක් කරලා අහන්න දෙන්නම්.
මොකද මාව අඳුරගත්තෙ ගායිකාවක් විදියට. ඉතින් ඒ ගායිකාව තවම ඉන්නවා, පණපිටින් මා ඇතුළෙ.
ඉක්මනට එයාව අවදි කරලා ඔයාලා අතරට ගේන්නම්.මං මගේ සිංදුව දාලා කතා කරන්නම්. සිංදුව කියනකොට මම මගේ මූණ පෙන්වන්නම්…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!