Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

“අම්මා දන්නවා මගේ මැණිකත් අම්මා වගේම ශක්තිමත් කියලා…” ප්‍රාණසම දියණිය වෙනුවෙන් ඇගේ අතින් ලියැවුණු ඒ ආදරණීය සටහන මෙන්න..

 

ඇය අපේ රටේ බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිතයක්..

නර්තන ශිල්පිනියක්, නිලියක් ලෙස කාගේත් ආදරය දිනාගත්ත ශිරෝෂි රොමේෂිකා..

මේ කතාව ඇය ගැනයි.. කලාවට අමතරව ඇගේ මුළු ලෝකයම වෙන්නේ ඇගේ ආදරණීය දියණියයි…

පුංචි මැණිකගේ ජීවිතයේ තවත් විශේෂ දවසක් වෙනුවෙන්, ඇගේ උපන්දිනය වෙනුවෙන් ශිරෝෂි එක්කළ ඒ ආදරණිය සටහන මෙන්න බලන්නකෝ..

මගේ පණ…
මගෙ දරා ගැනීම ඔයා මැනිකේ.. අම්මා දන්නවා මගේ මැනිකත් අම්මා වගේම ශක්තිමත් කියලා. ජීවිතේ එන හැම ප්‍රශ්නයකටම දරාගැනීමකටම මගේ දෝනි එක්ක අම්මා ඉන්නවා හැමදාම…..
මගේ මැනිකගෙ ජීවිතයේ තියෙන හැම අඩියක් ගානෙම ජේසු මගේ මැනික එක්ක ඉන්නවා.. අම්මාට ඔයා නැතුව ගොඩාක් පාළුයි මැනිකේ… මගේ දෝනිට ජීවිතයේ හැම සතුටක්ම ලැබෙන්න ඕනෙ… අම්මගෙ පන ටික අම්මට ගොඩාක් සතුටුයි මගේ දෝනිව දැකිනකොට. මගේ බඩට මගේ මැනික ආව දවසේ ඉදන් අම්මාට වද දුන්නේ නෑ ඔයා… ඉතින් මගේ පන අම්මා අද වගේ දවසක ඔයාව මේ ලෝකෙට බිහි කළේ..
මගෙ මැනිකට නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා මැනිකේ…
අම්මා ආදරෙයි දෝණි..
ජේසු පිහිටයි මගේ පණ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!