තරු ගොසිප්

විලාසිතා ලෝකයම පිස්සු වට්ටමින් ලොව විශාලතම විලාසිතා රාත්‍රිය Met Gala හැඩ කල King ඛාන් ගැන ඇසෙන කතාව මෙන්න.

ලෝක ප්‍රකට විලාසිතා ලෝලීන් සෑම වසරකම මඟබලාගෙන ඉන්න, Met Gala හි මේ වසරේ සංස්කරණය මේ වන විට නිල වශයෙන් ආරම්භවයි පවතින්නෙ.
නිව් යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයට සෑම වසරකම එක්කාසු වන තරු විලාසිතා දැකගන්න කවුරුත් පසුවන්නේ නොඉවසිල්ලෙන්.
‘Met Gala’ සැලකෙන්නේ, ලොව වඩාත්ම කීර්තිමත් හා ආකර්ෂණීය විලාසිතා උත්සවය හැටියට.
ඊට සහභාගීවන්නන් හට සිය විලාසිතා හරහා ඒ ඒ තේමාවන්ට අදාළව අදහස් ප්‍රකාශ කිරීමට නිදහස් අවකාශයක් සලසනවා.
මෙය වාර්ෂිකව මැයි මාසයේ පළමු සඳුදාවෙන් ආරම්භ වන්නක්. ඊට සහභාගී වන තරු බහුතරය ලෝක ප්‍රකට Vogue සඟරාවේ කවරය සහ පිටු සැරසූ තාරකාවන් වීම විශේෂයි.
මෙහි ආරම්භය 1948 දක්වා දිව යනවා. එය නිව්යෝර්ක් නගරයේ විශාලතම අරමුදල් රැස් කිරීමේ රාත්‍රියක් ලෙස ප්‍රකටයි.
එහි ආරාධිත ලැයිස්තුවට විලාසිතා, නිරූපණ, රංගනය, සංගීතය යනාදි ක්ෂේත්‍රයන් හි ගෝලීය වශයෙන් කීර්තිමත් පුද්ගලයින් ඇතුළත්.
මෙවර එහි කාගෙත් සිත්ගත් සුපිරි තරුවකි, SRK.. එහෙමත් නැත්නම් ෂාරුක් ඛාන්. මේ ඔහුගේ ප්‍රථම Met Gala දැක්ම වීම විශේෂයි.
ඔහු ඊට සැරසීගෙනවිත් තිබුණේ ඉන්දියානු නිර්මාණකරුවෙකු වන සබියාසාචි මුඛර්ජි විසින් නිර්මාණය කරන ලද විලාසිතාවකින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!