තරු ගොසිප්

ඓතිහාසික වාර්තාවක් තැබූ අනුදී ශ්‍රී ලාංකිකයින්ගෙන් කල ඉල්ලීම මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගවදින අනුදි ගුණසේකරට අවසන් තරඟකාරිනියන් හතළිස්දෙනා අතරට ඍජුව තේරී පත්කරගැනීමට ලැබෙන අවසාන අවස්ථාව මෙයයි.

ඇය විසින් මේ වනවිට Multimedia Challenge තරඟවටයේ අවසන් අභියෝගය සඳහා නිර්මාණය කළ වීඩියෝ පටය Miss World යෙදුමට යොමුකළ තිබේ.

ඇයව අවසන් හතළිස්දෙනා අතරට ඍජුව තොරාපත් කරගැනීමට නම් පහත සඳහන් ලින්ක් එක ඇතුළට ගොස්, පෝස්ට් එක ලයික් කර, ඔබට හැකි පමණ ධනාත්මක අදහස් කමෙන්ට් කළ හැකිය.

අදාළ ලින්ක් එක – https://rb.gy/qy7a69

ලංකාව වැනි කුඩා රටක කෙනෙක් වූ තමා ලෝක රූ රැජින තරගයේ මල්ටිමීඩියා අංශයේ ජයග්‍රහණය අබියස සිටීම විශේෂ දෙයක් බව අනුදි ගුණසේකර පවසයි.

72 වැනි ලෝක රූ රැජින තරගයේ මල්ටිමීඩියා අංශයේ අවසන් තරගකරුවන් විසි දෙනා අතරට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර අද (28) සමත්වුණි.

ඒ, මෙරට තරගකාරියක් එම අංශයේ අවසන් තරගකරුවන් අතරට තේරීපත්වූ ඉතිහාසයේ පළමු අවස්ථාව සනිටුහන් කරමිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!