දේශීය පුවත්

වෙනස් වෙනස් වැඩ කරන ත්‍රිකලාගේ රෝස පාට ත්‍රීරෝද රථය ගැන ඇසෙන කතාව මෙන්න. සමාජ මාධ්‍යයෙන් ඉහල ප්‍රතිචාර.

ත්‍රිකලා ධරණී, ඇය මේ වෙනකොට අතිශය කාර්‍යබහුල තැනැත්තියක්..

රටේ බොහෝ දෙනා කතා කරන ඇය කාලෙන් කාලෙට කරන්නේ ටිකක් වෙනස් විදිහේ වැඩ…

තමන් සතුටෙන් ඉන්න ගමන් අන් අයගේ සතුට ගැන ටිකක් හරි කල්පනා කරන්න ඇය ගොඩක් වෙහෙසෙනවා…

මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ අනිත් අයගේ සතුට වෙනුවෙන් ත්‍රිකලා කරලා තිබ්බ ලස්සන වැඩක්… ඔන්න ඉතින් ඇය, ඇගේ Iconic Color එකෙන්ම තවත් ත්‍රීවිලර් එකක් ගෙනල්ලා..

ඒ කවුරු වෙනුවෙන්ද කියලා දන්නවද…? මේ කතාව ඇහුවත් ඔබටත් සමහරක් විට පුදුම හිතේවි.. මොකද අපි වැඩියේ හිතන්නේ නැති වුණාට මේකත් සමහර අයට ලොකු උදව්වක් වෙන්න පුළුවන්..

“නොමිලේ පොදු ප්‍රවාහන සේවය

රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්ශා රෝහල සහ ඇස් වාට්ටුව මහ රෝහල යන ස්ථාන තුනෙහී දිනකට 3 වතාවක් දියත් වන බවත් , සම්පූර්ණයෙන් රෝස පැහැති (204-1997) අංක දරන ත්‍රී වීල් රථය විශ්වාසනීය රියදුරු මහත්මයෙක් සමග මේ සදහා මා යොදවා ඇත…

ගැබිණි මවු වරුන්, පිළිකා ප්‍රතිකාර රෝගීන් සහ කිරි දරුවන් වඩාගත් මව්වරුන් වෙනුවෙන් සහ වියපත් දෙමාපියන් වෙනුවෙන් මෙය දියත් වන අතර ඔවුන්ට අවශ්‍ය බස් මාර්ගය, නිවස හෝ අදාල මාවත තෙක් රැගෙන යාම සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුවේ..

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දියත් වන සම්පූර්ණයෙන්ම නොමිලේ පොදු ප්‍රවාහන සේවය ගැන හැකිතාක් ශ්‍රී ලංකා වාසීන් දැනුවත් කර ඔබත් මේ දුර්ලභ මහා පිංකමේ කොටස් කරුවකු වන්න..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!