Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

රැකියාවක් සඳහා නාරාහේන්පිට ප්‍රදේශයට පැමිණි ඔහුට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා කිසිවෙකු හිතන්න නැතුව ඇති.. සත්සරගේ මව කියන සංවේදී කතාව

කඩවසම් තරුණයෙක්..

රැකියාවක් සඳහා නාරාහේන්පිට ප්‍රදේශයට පැමිණි ඔහුට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා කිසිවෙකු හිතන්න නැතුව ඇති..

ඒත් දැන් ඔහු නිහඬයි.. සත්සර නිමේෂ්, වයස අවුරුදු 26ක් වන මේ කඩවසම් තරුණයාගේ මරණය පිටුපස තවත් සැඟවුණු කතාවක්ද..?

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී රෝහල් ගත කරන ලද සැකකරුවෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා…

පසුගිය පළමුවනදා රාත්‍රියේ රාජගිරිය – නාවල පාර, ශ්‍රී රතනජෝති මාවතේ නිවසකට ඇතුලු වූ මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 තරුණයෙකුයි මුල්ලේරියාව මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබුණේ..
.
ඔහු පොලිසියට රැගෙන ඒමේන් පසු කලහකාරි ලෙස හැසිරී තිබෙන බවටයි වාර්තා වෙන්නේ..

අනතුරුව අදාළ පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන්නෙකු බවට නිරීක්ෂණය වන ආකාරයෙන් හැසිරීම නිසා ඔහු මුල්ලේරියාව මානසික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සදහන්..

කෙසේ වෙතත්, පසුව රෝහලේදී එම සැකකරු මියගොස් තිබූ අතර, ඉන් අනතුරුවයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!