Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

රාජ්‍ය සේවක වැටුප් ලබන වසරේ ඉහළට – රජය කියයි

ලබන වසරේ අනිවාර්යයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමක් සිදුකරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍යඅමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පවසනවා.

මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කරමින් ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්.

සේවකයින් ඇතුළු ගුරුවරුන් අවුරුදු සමයත් සමග සතුටුදායකයි අපි කලිනුත් කිව්වනේ දැන් ඇත්තටම අපි ගොඩක් වැඩි වැටුප් වැඩිකිරීමක් යෝජනා කළේ හෝ කරන්නේ හුදෙක් දේශපාලන උවමනාවකට නෙමෙයි. අපි කවුරුත් දන්නවා මිනිස්සුන්ට ලැබිච්ච වැටුපෙන්ජීවත් වෙන්න බැහැ. එහෙනම් වැටුප් වැඩි වෙන්න ඕනේ. හැබැයි ඒත් එක්කම අපේ තියෙන ආර්ථිකයේ තත්වය බිඳ වට්ටලා තියෙනවා. දැන් අපි ආණ්ඩු කරපු එකක් නෙමෙයි. කෙසේ වෙතත් අපිට එහෙම කියලා, අපිට ඕන නම් කියන්න පුළුවන් දැන් ආර්ථිකය බිඳ වැටිලාතියෙන්නේ.පටි තද කරගන්න මුකුත් කරන්න බැහැ. අපි දෙදාස් විසි හයේදී කරන්නම් කියනවා නම් තර්කය ගේන්නත් පුළුවන්නේ. හැබැයිඅපි එහෙම කරන්නේ නැහැ. අපි දන්නවා මිනිස්සු ජීවත්වෙන දුෂ්කරතාවය. නිසා අනිවාර්යෙන්ම වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුවෙන්න පුළුවන්. වැටුප් වැඩිවීම පිළිබඳ විස්තර අපි අයවැයේදී ඉදිරිපත් කරනවා.”

Iri News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!