Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

සුදුස්සාට සුදුසු තැන… මේ සිරිකුමාරගේ වසරද ?

මේ සිරිකුමරුගේ අවුරුද්ද…

ලංකාවේ වඩාත් ජනප්‍රියතම ටෙලි සම්මාන රාත්‍රිය වෙන රයිගම් ටෙලි සම්මානය රාත්‍රියේ වසරේ හොඳම නලුවාට හිමි සම්මානය සුදුස්සාට ලැබුවා.

ඒ තමයි ප්‍රියන්ත සිරිකුමාර

පැහැපත් හමක් නෑ….
මහ ලොකු උස මහතකුත් නෑ…
පුම්බපු ඇගකුත් නෑ….
එක ෂොට් එකෙන් දහයක් විසි වෙන ෆයිට් සීන් , අඩි පනහේ හැටේ බිල්ඩින් වලින් පනින සීන් කරලත් නෑ…
කොටින්ම මහ සමාජේ සෙනග ගොඩක් අතරින් දැක්කම ඉස්මතු වෙලා පේන මොකුත්ම ලක්ෂණයක් නෑ….

හැබැයි රගපාන්න ගත්තම හැම චරිතයක්ම බලන එවුන්ගේ ඔලුවේ හිටින්න මොකක් හරි කරලා තියෙනවා….

රන්ජන් රාමනායකගේ ඉදලා ජීවන් කුමාරණතුංගට යනකල් නළු පරම්පරාවේ හැමෝගෙම ෆිල්ම් වල රෙකෝඩ් බ්‍රේක් කරගෙන අළුත් රෙකෝඩ් එකක් එක්ක ෆිල්ම් එකක් වැටිලා තිබුණු සිංහල සිනමාව කර ගහගෙන දුවන ලෙවල් එකට ගෙනල්ලා තියෙනවා….

එක දවසට දර්ශන වාර හයක් හතක් අටක් දක්වා ප්‍රදර්ශනය වෙන සිංහල ෆිල්ම් එකක් මගේ ජීවිත කාලේ මේ දැක්කමයි…

ජෝ අබ්‍රේවික්‍රම , නව්සුදීන් සිද්ධීක් , ඉර්ෆාන් ඛාන් වගේම ප්‍රියන්ත සිරිකුමාරලත් ඉතින් මෙච්චර තමා….
කලින් හිටියෙත් නෑ….ආයේ එන්නෙත් නෑ….

සිරිකුමරුනි,
මේ ඔබේ අවුරුද්ද,
අපගේ උණුසුම් සුබපැතුම් නුඹට !

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!